“පියතුමා අද (සැප්තැම්බර් 12) රදගුරුතුමාට සහය පළ කරමින් වාර්ගිකවාදයේ විෂබීජ බීජ වපුරන කථාවක් කළා. එම කතාවේදී ඔහු  එළවළු වැනි දෑ මුස්ලිම්වරුන්ගෙන් මිලදී නොගන්නා ලෙසත්, ඔවුන් පදින ඔටෝරික්ෂෝවල ​​ගමන් නොගන්නා ලෙසත් සභාවෙන් ඉල්ලා සිටියා. ඔහු මෙවැනි අදහස් පළ කළ පළමු අවස්ථාව මෙය නොවේ. මීට පෙරද ඔහු මුස්ලිම්වරුන් පිළිබඳව මෙවැනිම අදහස් දක්වා තිබුණා. අද, අපට ප්‍රතික්‍රියා නොදැක්වා  සිටීමට  නොහැකි වූ අතර, අපි දෙදෙනෙක් පූජාවෙන් පිටතට ගියා.”

මුස්ලිම්වරුන්ට එරෙහිව පූජක තුමෙකු විසින් සිදු කරන ලද කතාවකට විරෝධය පළ කරමින් ඉන්දියාවේ කේරලයේ ප්‍රාන්තයේ පැවිදි සොහොයුරියන් විරෝධතාවයක නිරත වෙමින් පා ගමන් කිරීමේ පුවතක් වාර්තා වේ.

2018 දී කොචි හි දී ස්ත්‍රී දූෂණ නඩුවක විත්තිකරු වු රදගුරු ෆ්‍රැන්කෝ අත්අඩංගුවට ගන්නා ලෙස ඉල්ලා විවෘත විරෝධතාවක් පැවැත්වූයේද එම පැවිදි සොහොයුරියන් විසිනි..

රදගුරු ජෝශප් කල්ලරංගට් විසින් "මත්ද්‍රව්‍ය ජිහාදයක්" පිළිබදව කරනු ලැබු ප්‍රකාශය කේරළය තුළ නොසන්සුන්තාවයක් ඇති කරනු ලැබු පසුබිමක, කොට්ටායම් කුරවිලන්ගාඩ්හි පැවිදි සොයුරියන් සිව්දෙනෙක් මුස්ලිම්වරුන්ට එරෙහිව වෛරී ප්‍රකාශයක් සිදු කළ බවට ප්‍රැන්සිස්කානු තුන්වෙනි පැවිදි ‍පංතියේ පූජකයකෙුවන රජීව් පියතුමාට චෝදනා කළහ. 

පැවිදි සොහොයුරියන් තම විරෝධතාවය පෑමක් ලෙස ඉරුදින සාන්ත ප්‍රැන්සිස් නිවාසයේ පැවැති දිව්‍ය පූජාවෙන් ඉවත් වූහ. එසේම ශාන්ත ෆ්‍රැන්සිස් මෙහෙවර නිවසේ දේවස්ථානයේ පැවති යාච්ඥා ‍මෙහෙයේදී මුස්ලිම්වරුන්ට එරෙහිව වෛරී කථාවක් සිදු කළ බවට පැවිදි සොහොයුරියන් සැප්තැම්බර් 13 වන ඉරිදා මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔව්හූ ප්‍රකාශ කළෝය. 

මෙම පැවිදි සොහොයුරියන් වන්නේ අනුපමා කෙලමංගලතුවැලිවිල්, ඇල්ෆි පල්ලස්සේරිල්, ඇන්සිට්ටා උරුම්බිල් සහ ජොසෆින් විලෝනික්කාල් ය. පූජකවරයා මීට පෙරද මෙය කළ බව පැවිදි සොහොයුරියන් පැවසූ අතර, "ආදර ජිහාද්" සහ "මත්ද්‍රව්‍ය ජිහාද්" පිළිබඳව ජෝශප් කල්ලරංගට්ගේ රදගුරුවරයාගේ  ප්‍රකාශවලට සහාය නොදක්වන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටියෝය. මාධ්‍යයට අදහස් දැක්වූ අනුපමා සොයුරිය පැවසුවේ, “පියතුමා අද (සැප්තැම්බර් 12) රදගුරුතුමාට සහය පළ කරමින් වාර්ගිකවාදයේ විෂබීජ බීජ වපුරන කථාවක් කළා. එම කතාවේදී ඔහු  එළවළු වැනි දෑ මුස්ලිම්වරුන්ගෙන් මිලදී නොගන්නා ලෙසත්, ඔවුන් පදින ඔටෝරික්ෂෝවල ​​ගමන් නොගන්නා ලෙසත් සභාවෙන් ඉල්ලා සිටියා. ඔහු මෙවැනි අදහස් පළ කළ පළමු අවස්ථාව මෙය නොවේ. මීට පෙරද ඔහු මුස්ලිම්වරුන් පිළිබඳව මෙවැනිම අදහස් දක්වා තිබුණා. අද, අපට ප්‍රතික්‍රියා නොදැක්වා  සිටීමට  නොහැකි වූ අතර, අපි දෙදෙනෙක් පූජාවෙන් පිටතට ගියා.”

‍ජේසුස් අපට ඉගැන්වූයේ සෑම කෙනෙකුටම ප්‍රේම කිරීමයි, අසල්වාසීන්ට ප්‍රේම කිරීම මිස වාර්ගිකවාදය බීජ වැපිරීමට නොවේ. ක්‍රිස්තුස් අපට උගන්වන දෙයට පටහැනි දේ පියතුමා පවසන විට අපට එය තව දුරටත් ඉවසා සිටිය නොහැකි බැවින් අපි ප්‍රතික්‍රියා කළෙමු, ”ඇය තවදුරටත් පැවසුවාය. 

බිෂොප් ෆ්‍රැන්කෝ අත්අඩංගුවට ගන්නා ලෙස ඉල්ලා කන්‍යා සොහොයුරියන් 2018 දී කොචි හිදී විවෘත විරෝධතාවක් පැවැත්වූහ. එම නඩුවේම දිවි ගලවා ගත් කන්‍යා සොහොයුරියට සහයෝගය දැක්වීම සඳහා කන්‍යා සොහොයුරියන් එ‍ෛතිහාසික විරෝධතාවක් පවත්වා තිබේ. එහි ප්‍රතිඵලයක් වශයෙන්, දින තුනක ප්‍රශ්න කිරීම් වලින් පසු 2018 සැප්තැම්බර් මාසයේදී ෆ්‍රැන්කෝ අත්අඩංගුවට ගනු ලැබීය.

සැප්තැම්බර් 9 වන බදාදා පල්ලියේ රැස්වීමක් අමතමින් රදගුරු කල්ලරංගට් පවසා ඇත්තේ මුස්ලිම් නොවන අය ප්‍රාන්තයේ මත්ද්‍රව්‍ය ජිහාඩ්වලට භාජනය වන බවයි. ඔහු පවසා ඇත්තේ ‘මත්ද්‍රව්‍ය ජිහාඩ්’ තුළ මුස්ලිම් නොවන, විශේෂයෙන් තරුණයින් මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි කරවීම තුළින් ඔවුන්ගේ ජීවිතය නරක් කිරීම සම්බන්ධ බවයි. කිසිදු සාක්‍ෂියක් ඉදිරිපත් නොකළ රදගුරු තුමාගේ ප්‍රකාශය හේතුවෙන් එම ප්‍රාන්තය තුළ දැඩි කතාබහක් ඇති වු අතර බොහෝ දෙනෙක් මෙම ප්‍රකාශයට විරුද්ධ වූ අතර ප්‍රාන්තයේ ප්‍රධාන අමාත්‍යවරයා ආගමික අර්ථකථන ලබා දීම සහ ආගමික බෙදීම් ඇති වන ප්‍රකාශන වගකිව යුතු තනතුරු දරන අයවිසින් ජනතාව නො කළ යුතු බව ප්‍රකාශ කළ‍‍ේය.  විපක්ෂ නායකවරයා ප්‍රකාශ කළේ අපරාධවලට  කිසියම් ආගමක්, කුලයක් හෝ ස්ත්‍රි පුරුෂභාවයක් සම්බන්ධ කරමින් සිදු කරන ප්‍රකාශන හෙලා දකින බවත්, එක් ආගමකට චෝදනා කිරීම වැරදියි බවත්ය.

Jesustoday.lk 5 වන වසර 29 වන සතිය 2021 සැප්තැම්බර් 19 වන ඉරිදා 

 

Comments powered by CComment