මෙවැනි තත්වයකට මිනිස් සමාජය ඇද දැමීමේ ප්‍රතිඵලයක් ලෙස, අද එක් පිරිසකට ඔක්සිජන් සිලින්ඩර තම නිවසට ගෙනැවිත් තබාගන්නත්, තවත් පිරිසක් ඔක්සිජන් නොමැතිව මිය යන්නන් බවටත් පත් වී ඇත.
පොදු එකඟතාවයන්  ඔස්සේ ක්‍රියාත්මක වීමට ලෝකය දැරූ  සාමූහික උත්සාහයන් අගය කළ යුතු ය.
එක්සත් යුරෝපා සංවිධානය එවැනි එක් සාධනීය පියවරකි. එලෙසම ලතින් ඇමරිකානු, මධ්‍යම ඇමෙරිකානු දිලිඳු බව පිටුදැකීමේ ව්‍යාපාරද මානව ජීවන තත්වය නගාසිටුවීමේ අරමුණින්  පොදු එකගතාවයන් මත පිහිටුවා ගත් සංවිධාන ව්‍යුහයකි.
නමුත්, මෙලෙස පොදු මානව අභිවෘද්ධිය උදෙසා ගොඩනැගෙමින් පැවතුන එවන් දෘෂ්ටිවාදයෙන් වර්තමානයේ බිඳවැටී ඇත.
අන්තවාදය, වර්ගවාදය, සහ ප්‍රචණ්ඩකාරී ජාතිකවාදය හිස ඔසවමින් ලෝකය භයානක තත්ත්වයක තත්ත්වයන් කරා ඇදගෙන යමින් ඇත.
පිටතින් මෙම ක්‍රමය, ලෝකයට විවෘත වීමේ වෑයමක් ලෙස පෙන්වා දුන්නත්, එය තම රාජ්‍යයන් සහ රාජ්‍ය ව්‍යුහය ශක්තිමත් කිරීමට යොදා ගන්නා උපක්‍රමයක් බව පැහැදිලි වේ.
නමුත් සත්‍යය ලෙස පවතින්නේ ආර්ථික නිදහස හඹායන ජාත්‍යන්තර වෙළෙඳපොළ ක්‍රමයකි. මෙය අවිදු හස්තයකින් මෙහෙයවයි.
මේ තරගය තුළ ජාතීන් විදිහට ජාතීන් අතර මිනිසුන් තුළ බියක් ජනිත කරවයි.
වෙළඳපල ක්‍රමය පොදු යහපත සඳහා  ක්‍රියාත්මකවීමට ඇති ඉඩකඩද සීමා කර ඇත.
එසේ වන්නේ මෙම වෙළදපල ක්‍රමය තුළ, එක් පුද්ගලයෙක්ට වුවද තමන්ට අවශ්‍ය දේ මිලදී ගැනීමට අවශ්‍ය මුදල් ඉපයීම් සීමා රහිතව ඉපයීමේ යෙදීමට අවස්ථාව සලසා ඇති නිසාය.
මෙවැනි තත්වයකට මිනිස් සමාජය ඇද දැමීමේ ප්‍රතිඵලයක් ලෙස, අද එක් පිරිසකට ඔක්සිජන් සිලින්ඩර තම නිවසට ගෙනැවිත් තබාගන්නත්, තවත් පිරිසක් ඔක්සිජන් නොමැතිව මිය යන්නන් බවටත් පත් වී ඇත.
මෙම ආර්ථිකය ඒ වටා සිටින පිරිසට ලොකු බියක් අනාරක්ෂිත භාවයක් ජනිත කරවයි. මේ නිසා අප තුළ බියක් මෙන්ම ව්‍යාකූල බවක්ද ඇතිවී තිබේ.
මෙයට හේතු කිහිපයක් තිබෙන බව ශුද්ධෝත්තම පාප් තුමා දක්වා ඇත.
මින් ප්‍රධානතම හේතුව ලෙසින් එතුමන් දක්වන්නේ, පශ්චාත් නුතනවාදී දර්ශනය තුළ පැවැති ව්‍යුහයන් වැඩක් නෑ කියමින් ඉතිහාසය, සමාජ සම්මුතීන්, සමාජ සම්ප්‍රදායන්, සමාජ සාරධර්ම සහ සංස්කෘතිය වැදගත් නැති බවට ගොඩනැඟෙන දෘෂ්ටිවාදයන් පසු පස හඹා යෑමයි. යුරෝපය දැඩි ලෙස මේ මතවාදයන්ගේ ගොදුරක් බවට පත්වී ඇත.
මෙමගින් තරුණ ප්‍රජාවට ඒත්තු ගන්වා ඇත්තේ…...  'පොදු මතයන් වැඩක් නෑ' 
"ඔබ ජීවත් වෙන්න ඕනේ පරණ දේ අමතක කරල"
"අපට පුළුවන් අපේ ජීවිතය කැමති ලෙස භුක්ති විඳින්න"  වැනි පොදු යහපත උදෙසා වන චින්තනයන් මුලින් උදුරා දැමීමේ සිතුවිලි ධාරා ය.
මේ වෙනස  ප්‍රුන්සිස් පාප් වහන්සේ, නොගැඹුරු (Shallow) සමාජ අනන්‍යතාවය නසන (uprooted) දෘෂ්ටිවාදයන් ලෙස පෙන්වා දෙයි.
වර්තමානයෙන් කිසිම සමාජ අනන්‍යතාවයක් නොමැති පුද්ගලයන් බවට බොහෝ අය පත්ව ඇත. එනම් තම රටේ භාෂාවවත් වෙනත් භාෂාවක්වත් සංස්කෘතියක් වත් නිවැරදිව උකහා නොගත් පිරිස් බිහිවී ඇත. තවද මේ තත්ත්වය තුළ යමෙකුට එම පවතින සංස්කෘතිය විශ්වාස කිරීමට බියක් ඇතිවිය හැක. ඒ සඳහා බලපානු ලබන්නේ පවතින සමාජ රටාව තුළින්ම විවිධ සෘණාත්මක ආකල්ප බලෙන් කාවද්දන්නට දරන උත්සාහයන් සඳහා ක්‍රියාත්මක වීමයි.  ඒ තුළ වත්මන් තරුණ ප්‍රජාව "ඉපදෙන්න ඉන්න දරුවන් නම් බිහිවෙලා නැහැ නේ, ඒ නිසා කලලයක් විනාශ කර දැමීම ප්‍රශ්නයක් වන්නේ කොහොමද?" "ආච්චිලා සීයලා වැඩක් කරගන්න බැරි අය නිසා ඒ අය වැඩි සැලකිල්ලක් අවශ්‍ය නෑ" වැනි සංකල්ප ඔස්සේ ක්‍රියා කිරීමට පෙළඹේ. මේ තත්ත්වය යුරෝපය තුළ වඩාත් දරුණු අතට හැරී ඇති බව අපට ප්‍රත්‍යක්ෂ වන කරුණක්.
මෙලෙස දැඩි අර්බුදකාරී තත්වයක වර්තමාන සමාජය පවතී. 
මෙම තත්ත්වය පාප් වහන්සේ පෙන්වා දෙන්නේ නව සංස්කෘතික යටත් විජිතකරණයට (cultural colonization) ලක් වීම ලෙස යි.
මෙහි අපට වෙනත් අමුතුම සංස්කෘතියක් එනම් ආර්ථිකය සහ පහසුකම් ලබා ගැනීම මත පදනම් වූ රටාවක ට මිනිසාව පත් කර ඇත. ඒ තුළ අපිට අපේ හුදු අනන්‍යතාවය අහිමි වී ඇත.
ඉන් ඇතිවන තත්වය නම් අපට අපේ ඇයි දැනෙන ක්‍රමයක් සංස්කෘතියක් නොපැවතීමයි. මේ තුළ "මේ අපේ ගම" යන සංකල්පයන්ට එහා යමින් පවුල, සංඝය යන මේ දේවල් පවා යල්පැනගිය ක්‍රමයන් බවට පත්කර ඇත. 
තනිව විසීම, හුදකලාව විසීම සහ තමාට සුව පහසු හුදකලාකරනය තුළ පැවතීම උනන්දු කරයි.
මෙහි අනිසි ප්‍රතිඵලයන් ලෙස පාප් වහන්සේ මූලික කරුණු තුනක් ගෙනහැර දක්වයි. ඉන් පළමුවැන්න නම් මේ තුළින් සිදුවන් ඉතිහාසය පිළිබඳ අවබෝධය (Historical consciousness) හීන කරවීමයි.
දෙවැන්න නම් විචාරශීලි චින්තනය (critical thinking) මොට කර දැමීමයි. 
තුන්වැන්න නම් යුක්තිය උදෙසා කරන අරගලය (struggle for justice) දුර්වල කර දැමීම නැතිනං අඩපණ කර දැමීමයි.
ශුද්ධෝත්තම පියතුමා මෙම කරුණු ගෙනහැර දක්වමින් අපට ආරාධනා කරන්නේ මෙම පවතින තත්වය තේරුම් ගැනීමටයි. ඒ තුළ  අපි අපට අහිමි වූ ඒ මුල් සොයා යමින් ජනතාවක් ලෙස ජාතිවාදය, ජාතිකවාදයන් වලට යටත් නොවී එකට බැඳෙමින් ගොඩනැගෙන්නේ. මේ ඒ සඳහා තීරණයක් ගන්න අවශ්‍යම කාලයයි. මන්දයත් අපට තවමත් බලාපොරොත්තුවක් ඇත. (Still there is hope)
7GradeWriterWorkshopරංගිකා පෙරේරා
Jesustoday.lk 5 වන වසර 22 වන සතිය 2021 අගොස්තු 01 වන ඉරිදා

Comments powered by CComment