ඇත්තටම දුකයි. ඌගේ හිනාව දකිනකොට මාරම දුකක් ඇති වෙනවා. අපිට උනත් එච්චරයි. මම නම් හිතුවා අම්ම කියපු දේ කොච්චර ඇත්තද ගහන එක නම් වීරකමක් නොවෙයි. ළමයි හදන ක්‍රමයකුත් නොවෙයි.

 

  • නව යොවුන් සමිතිය

හුග කාලෙකට පස්සේ භෞතිකව අපි එකිනෙකා හම්බ වුණේ

කෝවිඩ් හිරවීම අස්සේ ගෙවුනු මාස හයකට පස්සේ අපට කතා කරන්න බොහෝ දේ තිබුණා.

අපේ අග්‍ර සූපවේදිනිය අශාරා විසින් පිළියල කළ තේ පැන් සමග රවිඳුගේ උපන් දිනය වෙනුවෙන් කේක් රැජිණ වු රම්‍යා ඇන්ටි හෙවත් රවිඳුගේ අම්මා එවා තිබුණු පාන් පෙති තරම් ලොකු කේක් රසවිඳිමින් ඇරඹුනු සාමිචිය කෝවිඩ් කාලේ අපේ සිතට වැදුණු සිදුවීම් බෙදා ගැනීමට යොමු වුණා. ඒක නම් කේක් කෑම තේ බීම තරම් රසවත් වුණේ නෑ.

රවිඳු තමයි කතාව පටන් ගන්නේ

“මට නම් බොක්කටම වැදුණේ තාත්තා ගහපු පාර නිසා මැරිච්ච ගාල්ලේ මල්ලිගේ සීන් එක”

“ඒක නම් පිස්සු හැදෙනවා” අශාරාත් කිව්වා.

“ලස්සන කොල්ලෙක්”

“කොච්චර හීන තියෙන්න ඇත්ද ? ”

“තාත්තාට පිස්සු හැදිලා ඇති”

“අම්මා ඊටත් වඩා පව්, පුතා මෙහෙන් අරගෙන් ස්වාමියා පොලිසියේ”

තාත්තලා මැරෙන්න කියලා ගහන්නේ නෑනේ”

“ඔව්, සියයට 99.99999 ක් ම තාත්තාලා එහෙම හිතලා ගහන්නේ නෑ”

“සමහර විට අම්මා කියන්න ඇති මෙයා නම් ෆෝන් එකේමයි ඉස්කෝලේ වැඩක් නම් කරනවා පේන්නේ නෑ කියලා”

අපේ අම්මලත් එහෙම කියනවනේ. අපේ තාත්තා නම් ඒ වෙලාවට කියන්නේ “එයාට ඕනි නැත්නම් අපි මක් කරන්නද ? ඉගෙන ගත්තොත් තමන්ටනේ” කියලා.

“ශාරීරික දඩුවම් දීමේ භයානක පැත්ත ඕක තමයි. නරත තැනකට වැදුණත් පුංචි පාරක් උනත් ඇති ජීවිතයක් නැති වෙන්න. ගහගන්න යන්නත් එපා. කාටත් ගහන්නත් එපා. අපේ අම්මා ජප කරන මන්තරයක් ඕක.”

“අපේ තාත්තා නම් අපිට දඩුවම් දුන්නේ අතට වේවැල් පාරවල් දෙකක් ගහලා. හැබැයි නමවෙනි පංතියෙන් පස්සේ දඩුවම් නැවැත්තුවා”

“කොහොම උනත් මේකෙන් අපිට ඉගෙන ගන්න දෙයක් තියෙනවා. දෙමව්පියන් කේන්ති ගස්සන්නේ නැතිව දවසකට පැයක් දෙකක්වත් පාඩම් කටයුතු කරන්න ඕනි.”

“ඒක ඇත්ත. අපේ අම්මා නම් කියන්නේ මම ඕගොල්ලන්ගේ ඔය නව යොවුන් සමිතියට කැමැති ඉගෙන ගත්තත් එකෙන් තල්ලුවක් දෙන නිසා” කියලා.

“දෙමව්පියන් ගැන අපේ අසංවේදිකම නිසා අපි අපේ දෙමව්පියන්ව මිනිමරුවන් කරන්නත් පුළුවන්. ඒ නිසා ඇත්තටම එයාලා ගැන සංවේදි විය යුතුයි.”

“මට නම් මේක මාර විදිහට වැදුණා. මම නම් දැන් පැය දෙකක් මොනවා හරි පාඩම් වැඩක් කරනවා”

“ඇත්තටම දුකයි. ඌගේ හිනාව දකිනකොට මාරම දුකක් ඇති වෙනවා. අපිට උනත් එච්චරයි. මම නම් හිතුවා අම්ම කියපු දේ කොච්චර ඇත්තද ගහන එක නම් වීරකමක් නොවෙයි. ළමයි හදන ක්‍රමයකුත් නොවෙයි.”

Jesustoday.lk 5 වන වසර 32 වන සතිය 2021 ඔක්තෝම්බර් 17 වන ඉරිදා 

 

Comments powered by CComment