ඇත්තටම ඉතිං අපේ තාත්තාලා වගේ අයත් හඬක් නගන්නේ තමන්ගේ දූලා පුතාලා කැම්පස් යන්න බැරි වෙනවා වගේ තත්වයකදි විතරයි කියන දේ මට තේරුනා.

අපේ අක්කලා ඒ ලේවල් ලිව්වේ ගිය අවුරුද්දට ඉස්සෙල්ලා අවුරුද්දේ. ඕල්ඩ් සිලබස් එකයි, නිව් සිලබස් එකයි දෙකම එක්ක විශ්ව විද්‍යාලයට තෝරා ගැනීම ගැන විවිධ වාද විවාද තිබුණා.

අපේ තාත්තා වෛද්‍යවරයෙක්. මම වගේම අපේ අක්කත් ගියේ කොළඹ ජනප්‍රිය පාසල්වලට. ඉතිං ඒ ජනප්‍රිය පාසල්වල දෙමව්පියන් අපේ තාත්තා වගේ වෘත්තිකයෝ එකතු වෙලා ළමයින්ට වෙන අසාධාරණය ගැන ලොකු හඬ නැගීමක් තිබුණා.

කොහොම හරි විශ්ව විද්‍යාලයට බඳවා ගන්නා ප්‍රතිශතය වැඩි කළා. ඩෙන්ටල් යන්න වෙන සයිස් එකක් තිබුණු අපේ අක්කට මෙඩිකල් කොලේජ් යන්න පුළුවන් වුණා.

මම ඕ ලෙවල් කළේ ගිය සැරේ. අපේ ප්‍රතිඵල ආවනේ. කව්රුත් අවුලක් නෑ. ප්‍රශ්න නෑ. ඊස්තටික් සබ්ජෙක්ට්වල රිසල්ට්ස් බාගෙට ආවත් ප්‍රශ්නයක් නෑ.

අපි ඕ ලේවල් කරද්දී බස්නාහිර පළාතේ අපිට වඩා අනිත් පළාත්වල ළමයි දවස් හතළිහකට වැඩිය පාසල් ගියා. එතන ලොකු අසාධාරණයක් තිබුණා. හැබැයි අපේ තාත්තලා වගේ කව්රුත් කිසිම හඬක් නැගුවේ නෑ.

ඇත්තම කිව්වොත් අපිට ඉතිං ඔන්ලයින් ටියුෂන් තිබුණා. ගෙදරටම ඇවිත් කරන ඉන්ඩිවිජුවල් ක්ලාස් තිබුණා. බස්නාහිර පළාතේ ඉන්න, නැති බැරි අයට මේ එකකක්වත් ලැබුණේ නෑ. ඒත් කව්ද ඒ අය වෙනුවෙන් හඬ නැගුවේ. ඇත්තටම ඒ ළමයි විභාගයට ගියේ සමානයන් ලෙස නෙමෙයි. 

ඇත්තටම ඉතිං අපේ තාත්තාලා වගේ අයත් හඬක් නගන්නේ තමන්ගේ දූලා පුතාලා කැම්පස් යන්න බැරි වෙනවා වගේ තත්වයකදි විතරයි කියන දේ මට තේරුනා.

මේක හෘද සාක්ෂියට වඳ දෙන ප්‍රශ්නයක් jesus today youth සංවිධානය කරපු ඔන්ලයින් අධ්‍යාපනය අහිමි 60% ගැන හඬ නගන ඔන්ලයින් පෙටිශන් එකට මම අත්සන් කළේ ඒ නිසාමයි. ඒක ප්‍රමාණවත් නෑ. ඒත් සාමාන්‍ය පෙළ උසස් පෙළ වයසේ අපිත් මේ සමාජ අසාධාරණය තේරුම් ගන්න අවශ්‍යයි. ඊට එරෙහිව අපේ මට්ටමේ කිසියම් ප්‍රතිචාරයක් දැක්වීම අවශ්‍යයි. වයි සී එස් එකේ යාළුවන්ට මම මේකට ආරාධනා කළා. ඒත් ප්‍රතිචාරයක් නෑ. මට මතක් වුණේ කාඩයින් පියතුමා පහත කියමන

"අපිරිසිදු ජලයේ සිටින මාළුවකුට

බෙහෙත් දී පලක් නැත.

අපිරිසිදු ජලය මා ඉවත් කළ යුතුය."

Jesustoday.lk 5 වන වසර 32 වන සතිය 2021 ඔක්තෝම්බර් 10 වන ඉරිදා 

Comments powered by CComment