අපි හුග දෙනෙක් ඉතිං මොකක් හරි සෙල්ෆියක් ගහලා හරි අපේ පුංචි පුංචි ආතල් සමාජ මාධ්‍යයට දානවා මිසක් ෆොටොවලින් කළ හැකි දිවැසි මෙහෙවරක් කරන්නේ නෑනේ. මට සිද්දිකගේ මරණය එක්ක දැනුනේ අන්න ඒ දේ.

අපේ නව යොවුන් කණ්ඩායමේ ෆොටෝග්‍රැෆි පිස්සෝ දෙන්නෙක් ඉන්නවා. ඒ නිසා අපි හැමෝටමත් ෆොටොග්‍රැෆි ගැන පුංචි හරි දෙයක් දැන කියාගන්න පුළුවන් වෙලා තියෙනවා.

“ඡායාරූපයක් වචන දහසක් කියාපානවා” කියන කතාව අපි හැමෝම දන්නෙත් මේ ෆොටොග්‍රැෆි පිස්සෝ ද‍ෙන්නා හින්දා.

2021.07.30.08

අපේ මිත්‍රයෝ දෙන්නා තමන්ගේම සහෝදරයෙක් වියෝ වූ තරමට කම්පා වෙනවා පසුගියදා ඇෆ්ගනිස්ථාන ආරක්ෂක හමුදා හා තලෙයිබාන් සටන්කරුවන් අතර ඇති වූ ගැටුම් ආවරණය කරමින් සිටි තරුණ ප්‍රවෘති ඡායාරූපශිල්පි දනිෂ් සිද්දික් ජිවිතක්ෂයට පත්වීම ගැන.

ඇෆ්ගනිස්ථානය කියන්නේ දශක ගණනාවක් පුරා ඇමරිකා හා රුසියා බලවතුන්ගෙන් ඉන්පසු තලෙයිබාන් සංවිධානයෙන් මැදිහත්වීම් නිසා විනාශ වූ රටක් කියලා අපි හුඟ දෙනෙක් දන්නේ නෑ. ඇත්තටම අපි දන්නේ ඇෆ්ගනිස්ථාන ක්‍රිකට් කණ්ඩායම ගැන පමණයි.

සිද්දික්ගේ මරණය ගැන කතා බහ නිසා ඇෆ්ගනිස්ථානය කියන රට ගැනත් ටිකක් හරි කියවන්න යොමු වුණා. සාක් සංවිධානයෙත් ඇෆ්ගනිස්ථානය සාමාජිකයෙක්.

තලෙබාන්වරු නැවත වරක් දැනට තිබෙන රජය බලෙන් පහ කරලා ඇෆ්ගනිස්ථානයේ බලය ලබාගන්න ක්‍රියා කරමින් සිටිනවා. පසුගිය කාලයේ ඇෆ්ගනිස්ථානයේ රැඳී සිටිමින් රජයට සහය වූ ඇමරිකානු සෙබලුන් හා විදේශ සෙබළුන් හිටි හැටියේම වාගේ රටින් ඉවත් වෙලත් තියෙනවා.

දනිෂ් සිද්දිකි රොයිටර් පුවත් සේවයට ඡායාරූප සැපයු මාධ්‍යවේදීයෙක්. ඔහු ඉන්දීය ජාතිකයෙක්. වයස අවුරුදු 41 යි. ඔහු ඉන්දියාවේ ප්‍රවෘත්ති ඒජන්සියේ ප්‍රධාන ඡායාරූප මාධ්‍යවේදීයා.

ඔහු 2018 දී පුලිට්සර් සම්මානය දිනාගත් නිර්භීත ඡායාරූප මාධ්‍යවේදීයෙක් ඒ තවත් මාධ්‍යවේදීන් පස්දෙනෙකු සමඟ මියන්මාරයේ පීඩාවට පත්වූ රොහින්යා ජනයා ගැන කරන ලද වාර්තාකරණය උදෙසායි.

“මා හුඟාක් තෘප්තිමත් වන්නේ කැඩුනු බිඳුනු කතා සහිත මිනිසුන්ගේ මුහුණුවල කතන්දර ලෝකයට කීමෙන්” වරෙක සිද්දික් එහෙම කියලා තිබෙනවා.

සිද්දික් පාස්කු ඉරුදින ප්‍රහාරයෙන් පසු ලංකාවට ඇවිත් වාර්තාකරණයක නිරත වී තිබෙනවා. ජනප්‍රිය Ted Talks හී ඔහු කරන කතාවක ඔහු ඒ ගැන සඳහන් කරනවා.

අපි හුග දෙනෙක් ඉතිං මොකක් හරි සෙල්ෆියක් ගහලා හරි අපේ පුංචි පුංචි ආතල් සමාජ මාධ්‍යයට දානවා මිසක් ෆොටොවලින් කළ හැකි දිවැසි මෙහෙවරක් කරන්නේ නෑනේ. මට සිද්දිකගේ මරණය එක්ක දැනුනේ අන්න ඒ දේ.

“අපේ ෆොටො අපිම බලමින් සතුටක් ලබනවාට වඩා ඡායාරූපයෙන් කළ හැකි වැඩක් තියෙනවා. දෙවියන්ට එයින් කරගන්න අවශ්‍ය වැඩක් තියෙනවා.

අපේ කතාබහ ඉවර වුණේ ඒ විදිහට.

Jesustoday.lk 5 වන වසර 22 වන සතිය 2021 අගොස්තු 01 වන ඉරිදා

 

 

Comments powered by CComment