ඇත්තටම දුකයි. ඌගේ හිනාව දකිනකොට මාරම දුකක් ඇති වෙනවා. අපිට උනත් එච්චරයි. මම නම් හිතුවා අම්ම කියපු දේ කොච්චර ඇත්තද ගහන එක නම් වීරකමක් නොවෙයි. ළමයි හදන ක්‍රමයකුත් නොවෙයි.

ඇත්තටම ඉතිං අපේ තාත්තාලා වගේ අයත් හඬක් නගන්නේ තමන්ගේ දූලා පුතාලා කැම්පස් යන්න බැරි වෙනවා වගේ තත්වයකදි විතරයි කියන දේ මට තේරුනා.

දහස් ගනන් මිනිසසු මැරෙන්නේ කොරොනා හින්දම නොවෙයි. නිසි සෞඛ්‍ය පහසුකම් නිසි ආහාර නැති නිසා. දුප්පත්ම මිනිසුන්ට එන්නත් නොලැබෙන නිසා. ඒ වගේ ලෝකයක එක් මිනිහෙක් මිනිත්තු 11 ක අභ්‍යාවකශ ගමන් සඳහා රු 5600 000 000  ක් වැය කිරීම මහා වික්‍රමයක් වන්නේ කොහොමද ?

සමස්ථ ගුරු සංහතියම දේවත්වයට ඔසවන එක තමයි මම කිව්වේ රොමැන්ටිකරණය කියලා. අපිට අකුරු උගන්නපු නිසා අපි ගුරු සටනට සහය දෙන්න ඕනි නෑ. ඒක සාධාරන නිසා සහය දෙන්න ඕනි

අපි හුග දෙනෙක් ඉතිං මොකක් හරි සෙල්ෆියක් ගහලා හරි අපේ පුංචි පුංචි ආතල් සමාජ මාධ්‍යයට දානවා මිසක් ෆොටොවලින් කළ හැකි දිවැසි මෙහෙවරක් කරන්නේ නෑනේ. මට සිද්දිකගේ මරණය එක්ක දැනුනේ අන්න ඒ දේ.