ඇය පුතුට බාධා කරන බවක් නොපෙනේ. අල්ලා ගන්නට, වළක්වන්නට තැත් නොකරයි. සංසුන්ව සිටි.

පසුබිම

ක්‍රිස්තියාන කලාවේ පුනරුද යුගය, පුනර්ජීවන යුගය එසෙත් නැත්නම් පුබුදු යුගය යනු දළ වශයෙන් මධ්‍යගත යුගයෙන් පසු (ක්‍රි. ව 1450 න් පසු) එළඹෙන යුගයයි.

මෙය හුදෙක් කලාවේ පුබුදු යුගයක් නොවේ. සමස්ථ යුරෝපය තුළම ඇති වූ ආර්ථික දේශපාලන චින්තනමය පරිවර්තන යුගයකි.

සියවස් ගණනක් පැවැති යුරෝපා වැඩවසම් ක්‍රමය නිමා කිරිමේ විලිරුදාව සමඟ පැන නැගී තත්වයකි මෙය. නැගී එන වෙළඳ ධනපති ක්‍රමයට වැඩ වසම් ක්‍රමය අභිබවා යෑම අනිවාර්යයකි.

වැඩවසම් ක්‍රමයේ ආගමික සංඛේතය වූ ශුද්ධ වු රෝම අධිරාජ්‍ය හෙවත් පාප් අධිරාජ්‍යයටද මෙම තම පරිවර්තනය බලපෑවේය. ඒ වනාහි වැඩවසම් බල කේන්ද්‍ර දෙකක් ලෙස පැවැති නමුත් එකිනෙක බැඳී පැවැති යුරෝපයේ රාජාණ්ඩු හා පාප් තුමන්ගේ බල පරාක්‍රමය යන බල පිරිමිඩ දෙදරා ගිය කාලයකි.

සභාව කතෝලික හා රෙපරමාදු ලෙස දෙකඩ වු අතර රාජාණ්ඩු බිඳ වැටී අධිරාජ්‍යවාදය ව්‍යාප්ත විය. මෙම නව පිබිඳීමේ පදනම ආර්ථීකය විය. යටත් විජිතකරණය හෙවත් රටවල් අල්ලා ගැනීම යුරෝපයේ රාජ්‍ය නායකයින්ගේ හා පාප් තුමන්ගේ ඒකාබද්ධ මෙහෙයුමක් තරමට සමීප විය.

අද ලෝකය කතා කරන ක්‍රිස්තියානි කලාවේ පුනරුදය මේ ආර්ථීක දේශපාලන සමාජ සංසිද්ධියෙන් තොරව හඳුනාගත නොහැකිය.

පුබුදු යුගයට දොර විවර කළ චින්තනමය ධාරාව නව කලාවක් ගොඩනැගීය. ඒ වනාහි ග්‍රීක- රෛා්ම කලා පුනරුදයකි. මහා කවියන්, මහා චිත්‍ර ශිල්පින් ඇසුරින් ඒ පුනරුදය ගොඩනැගුනු අතර පුනරුදය තුළින් ඔව්හූද ගොඩනැගුනු. ඩාන්ටේ, ප්‍රෝඩ්, ලෙනාඩෝ ඩාවින්ච්, මයිකල් ඈන්ජලෝ, රෆායල් ඒ අතර ප්‍රමුඛයෝ වූහ.

මයිකල් ඈන්ජලෝ

1475 මාර්තු 6 දින ඉතාලියේ කාප්රිස් ප්‍රදේහයේ උපන් මයිකල් ඈන්ජලෝ පුනරුද යුගයේ බිහි වූ අති විශිෂ්ඨට මූර්ති ශිල්පියා සේම කලා විශාරදයා ලෙස අවිවාදයෙන් පිළිගැනේ. මයිකල් ඈන්ජලෝ බිත්ති හා සිවිලීම් මත ඇඳී චිත්‍ර අතර සිස්ටයින් දෙව් මැදුරේ ‘ලෝකෝප්පත්ති’ කථාව, ‘අවසන් විනිශ්චය’ අග්‍ර නිර්මාණ ලෙස සැලකේ.

ඈන්ජලෝ අතිවිශිෂ්ඨ වන්නේ චිත්‍ර ශිල්පියෙකුට වඩා මූර්ති ශිල්පියෙකු ලෙසය. අපගේ මෙම ලිපියට පදනම් වන්නේ ඔහුගේ ජේසුස් වහන්සේ හා එතුමාගේ මව වන මරියාවන් යන දෙදෙනාම නිරූපනය අති විශිෂ්ඨ මූර්ති දෙකක් පිළිබඳවයි.

ඒවා නම් ‘මැඩොනා හා දරාවා’ සහ ‘පියෙටා’ යන මූර්ති දීපත්වයයි.

මැඩෝනා හා දරුවා

ක්‍රි.ව 1501-1504 අතර කාලයේ නිමාවු ලෙස සැලකෙන මෙම කිරිගරුඩ මූර්තිය ඉතා වෙනස් චිත්‍රයක් මවන්නකි.

කුඩා ජේසු මවගේ උකුලේ සිටින්නේ සිටගෙනය. ඔහු මවගේ තුරුල‍ෙන් බැසයාමට සූදානම් වන බවකි නිරූපණය වන්නේ. මව (මරිය තුමිය) සිටින්නේ කුඩා ජේසුගේ ක්‍රියාව ගැන වගක් නැති ආකාරයෙනි. දරුවා වම් අතෙන් පමණක් යාන්තම් මවට සම්බන්ධය. ඒ සම්බන්ධය ලිහිල්ව ගිය කළ ඔහු පිටතට ඇවිද යනු ඇත.

මරිය තුමිය සිටින්නේ පුතු දෙස නොබලාය. ඔහු කෙරෙහි අවධානයක්, ඇළුම්වත් බවක් ඇගේ මුහුණෙහි නැත.

කුඩා ජේසු සිටින්නේ නිරුවතනි. ඒ මගින් ජේසුගේ මනුෂ්‍යත්වය කලාකරු ප්‍රකාශ කරයි. ජේසුස් මවගෙන් මිදි ලෝකයට පිය මං කරන දරුවෙකු යන්න මෙම මූර්තිය විසින් හඟවන්නේ යැයි අපට සිතිය හැක.

මරිය තුමියගේ ස්වභාවය විසින් කවදා හෝ කඩු හතකින් තම හදවත සිදුරු කරන්නක් වැනි වු පුතුනේ අනාගත මෙහෙවර ගැන දිවැසි වැකි සිත්හි නිධාන කරගෙන සිටින ස්වභාවය නිරූපනය වේ දැයි අපිට සාකච්ඡා කළ හැක. ඇය පුතුට බාධා කරන බවක් නොපෙනේ. අල්ලා ගන්නට, වළක්වන්නට තැත් නොකරයි. සංසුන්ව සිටි.

මෙම මූර්තිය හා මයිකෙල් ඈන්ජලෝ අති ප්‍රසිද්ධ පියේටා මූර්තිය අතර සාම්‍යයක් පවතින බවද ඇතැම් විචාරකයින් පවසති. 

ඉදිරියට.....

Jesustoday.lk 5 වන වසර 30 වන සතිය 2021 සැප්තැම්බර් 26 වන ඉරිදා  

 

Comments powered by CComment