ජේසු තුළවත්, මෝසෙස් තුළවත් ධර්මයට පේටන්ට් බලපත්‍ර ලියා ගැනීමේ ආකල්පයක් නොතිබුනු බව පැහැදිලිය. මළු ගෙඩි වැඩි කර ගැනීමේ ආශාවක්ද තිබුනු බවද නොපෙනේ. ඔවුන් සතු වූයේ සියල්ලන් දේවානුභාවයට පත්වීමේ වුවමනාව පමණි. දේව රාජ්‍යයට ඇතුළුවීමේ වුවමනාව පමණි.

 

ගණන් කතාව 11/25-29
ජාකොබ්       5/1-6
මාක්           9/38-43,45


ධර්මයට පේටන්ට් බලපත්‍ර ලියා ගැනීම ශුද්ධාත්මයාණන්ට විරුද්ධ පාපයකි. එසේම ධර්මය තම වාසියට විකෘති කර ඉදිරිපත් කිරීම ද ශුද්ධාත්මයාණන්ට විරුද්ධ පාපයකි.

පළමු කියවීමේදි මෝසෙස්ගේ හොඳම ගෝලයා වන ජොෂුවා දිවැසි වැකි කියන්නන්ට වාරණ පැන වීමට ගන්නා උත්සහයට මෝසෙස්ගේ ප්‍රතිචාරය මෙසේය.

“ඔබ මාගේ යහපතට ඊර්ෂ්‍යා කරන්නෙහිද ? දෙවිදාණෝ උන්වහන්සෙගේ මුළු සෙනඟ දිවැසිවරු කර ඔවුන්ට සිය ආත්මානුභාවය දෙන සේක් නම් කොතරම් අගනේද ?

සුවිශේෂ කතාව තුළ ඇත්තේද මීට සමාන සිදුවීමකි. ජේසුගේ ශ්‍රාවක කණ්ඩායමට අයත් නොවන්නන් ජේසුගේ නාමයෙන් අශුද්ධාත්මයන් දුරු කිරීම තහනම් කිරිමට ජේසු‍ගේ ශ්‍රාවකයෝ යෝජනා කරති. ජේසුගේ පිළිතුර මෙසේය.

“තහනම් නොකරන්න අපට විපක්ෂ නොවන්නා අපේ පක්ෂය‍ෙහී‍ය”

ජේසු තුළවත්, මෝසෙස් තුළවත් ධර්මයට පේටන්ට් බලපත්‍ර ලියා ගැනීමේ ආකල්පයක් නොතිබුනු බව පැහැදිලිය. මළු ගෙඩි වැඩි කර ගැනීමේ ආශාවක්ද තිබුනු බවද නොපෙනේ. ඔවුන් සතු වූයේ සියල්ලන් දේවානුභාවයට පත්වීමේ වුවමනාව පමණි. දේව රාජ්‍යයට ඇතුළුවීමේ වුවමනාව පමණි.

දේව රාජ්‍යයට ඇතුළු වීමට සියල්ලන්ට බාධා කරන්නේ ධන තන්හාවේ ඇසයි. ධන තන්හාවේ හදවතයි. ඒ ඇස උගුලා නොදමා දේව රාජ්‍යයට ඇතුළු විය නොහැකිය. දේව රාජ්‍යය යනු ධන තන්හාව සංගත වූ ක්‍රමයට වඩා වෙනස් ක්‍රමයකි.

අදට නියමිත ජාකොබ් සදෙස ඒ බව මෙසේ පවසයි. එයට පැහැදිලි කිරිම් අනවශ්‍යය. වරක් දෙවරක් කියවා තේරුම් ගන්න.

දැන් ඉතින් ධනවතුනී, ඔබ පිට පැමි‍ණෙන්නට තිබෙන අවාසනාවන්ත ඉරණම ගැන හඩා වැළපෙන්න.

ඔබගේ ධන ධාන්‍ය දිරාගොස් ඇත. ඔබගේ වස්ත්‍ර කාවුන් කා දමා ඇත.

ඔබේ රන් රිදි මලකඩ කා ඇත. ඒ මලකඩ ඔබට විරුද්ධ ව සාක්ෂියක් වී, ගින්නක් මෙන් ඔබගේ මාංස කා දමනු ඇත.

ඔබ වස්තු ගොඩගසා ඇත්තේ නිම වේගෙන යන යුගයකය.

බලන්න ඔබගේ කෙත් වතුවල අස්වැන්න නෙළුෑ ගොවින්ට නොගෙවා

ඔබ වංචා කරගත් ඔවුන්ගේ කුලිය ඔබට විරැද්ධව මොරගසයි.

ගොවීන්ගේ මොරගැසීම සේනාවල සමිදාණන් වහන්සෙගේ කන්වල වැටෙන්නේය.

ඔබ මොලොව කම් සැප විහරණයෙහි ඇලී ගැලී මරන්නට තර කරන සතුන් මෙන් පුෂ්ටිමත් වෙමින් කල් යැවු වුහය.

ඒ දිනය දැන් පැමිණ ඇත. විරෝධයක් නොපෑ නිදොස් මිනිසාට වුවද ඔබ වරද එල්ල කොට ඔහු දරා දැමුවහු ය.

 

Jesustoday.lk 5 වන වසර 30 වන සතිය 2021 සැප්තැම්බර් 26 වන ඉරිදා 

Comments powered by CComment