ඔහු ජනවන්දනා පිළිවෙත් අප්‍රිකානුකරණය කළ අතර හැකි තරම් බෙදිම් වලක්වා ගැනීමට ක්‍රියා කළේය. කාන්තාවන්ට පුජකවරය දිමට අනුමැතිය ලබා ගත් අතර කාන්තාවන් බැහැර කිරීම් වර්ණෙබ්දයට සමාන බව කිවේය. ඉන් නොනැවතුනු ඔහු සමලිංගික පුජකවරු ජ්‍යෙෂ්ඨ තනතුරු සදහා පත් කෙළ්ය.

නොබෙල් ත්‍යාගය

වසර තුනක් පිට පිටම නාම යෝජනා විමෙන් පසු 1984 ඔහුට නොබෙල් ත්‍යාගය හිමිවිය. හේතු පාඨයේ මෙසේ සදහන් විය.

"දකුණු අපිකානු වර්ණබේදය පිළිබද ගැටළුව විසදීමේ ව්‍යාපාරයේ පුරෝගාමි නායකයෙකු ලෙස ඔහු ඉටු කරනු ලබන කාර්යභාර්ය වෙනුවෙනි."

ටුටු තමාගේ ‍නොබෙල් ත්‍යාගය දකුණු අප්‍රිකාවේ පීඩිත ජනතාවට පුද කරමින් ත්‍යාගය බාර ගැනීමේ කතාව පැවැත්වූවේය.

"මෙම සම්මානය ලැබෙන්නේ දකුණු අප්‍රිකාවේ වර්ණබේදවාදි පතිපත්ති හේතුවෙන් ඉන්නට තැනක් නැතිව දුම්රිය ස්ථානවලට වි පැවැත්මක් ඇතිකරගැනීම‍ට උත්සහ කරන, අර්තාපල් විකුණන, ආහාර පාන විකුණන විවිධ නිෂ්පාදන විකුණන ඔබ වෙනුවෙනි."

මාස 11 ක් තම දරැවන්ගෙන් වෙන් ව බිරිදකගේ ආදරයක් නැතිව පිරිමි නේවාසික ස්ථානවල ජිවත්වන පියරුවනි මෙම සම්මානය ඔබ වෙනුවෙනි.

කේටසි ස්කෝටර් කදවුරේ සිටිනා දිනපතාම නවාතැන්පත් පැල්පත් විනාශ කරනු ලබන ශීත සෘතුවේ වැස්සෙහි මෙට්ට තෙත බරිතව හිරිහැර කෙරෙන දරුවන් අතින් අල්ලාගෙන දුක් විදින මව්වරුනි මේ සම්මානය ඔබ වෙනුවෙනි.

ඔව්, මිලියන 15 ක් වන තම භූමියෙන් උදුරා දමා කුණුකසල තත්වයට පත්කර ඇති අපේ ජනතාව වෙනුවෙනි මෙම සම්මානය.

පළමු කළු රදගුරු

1985 දි එතුමා ජොහැන්සර්හි රදගුරු ලෙස පත් කරනු ලැබිය. ඔහු එම තනතුරට පත් පළමු කළු අප්‍රිකානු ජාතිකයා විය. එම පත්විම ගැන සුදු ජාතිවාදි, අධිපතිවාදීන් විශාල විරෝධයක් දැක් වු අතර ඔහුට ඡන්දය දීමෙන් වැලකිණි. ඉනුත් ඉදිරියට ගොස් ඔවුන් සභාවට දෙන ආධාර කපා හැරිය. ඔහු රදගුරුවරයාට පත් වු දේව මෙහෙයේ සිය දේශනයේදි මෙසේ පැවැසුවේය.

"වර්ණ බේදය තුරන් කිරීමට ඉදිරි වසර එකහමාර දෙක තුළ රජය ක්‍රියා ‍නොකළහොත් දකුණු අපිකාවට එරෙහිව ආර්ථික සම්බාධක පැනවීමට ජාත්‍යන්තරයෙන් ඉල්ලා සිටීමට අපි ක්‍රියා කරමු."

ආර්ථික සම්බාධක කළු අපිකානු ජිවිත තව තවත් පීඩාවට පත් කරන්නක් වන්නේ යැයි කියමින් ඔහුගේ යෝජනාවට විරෝධතා එල්ලවු නමුත් ඔහු කීවේ දැනටමත් අපේ ජනතාව එවන් පීඩාවට පත් වී සිටින නිසා අලු‍තින් යමක් සිදු නොවන බවය. එතුමා තව තදුරටත් ‍මෙසේ කිවේ ය.

"ආණ්ඩුව වෙනසක් කරනු ඇතැයි බලාපොරොත්තු විය නොහැකිය. ජාත්‍යන්තර පීඩනයේ  යෙදිම අහිංසාවාදි උපාය මාර්ගයකි. දැනටමත් අපේ දරුවන් මැරෙනවා, ලේ හැලෙනවා, ජාතිවාදි නොවන ප්‍රජාතන්ත්‍රවාදි යුක්ති සහගත දකුණු අප්‍රිකා‍වක් වෙනුවෙන් ජාත්‍යන්තර සහය අපිට අවශ්‍යයි. අපි කළු සුදු සියල්ලෝ එක පවුලක්. අපිට එකට ජිවත් විය හැකිය."

ඔහුගේ පත්විම සමග එළඹුණු වසර සුදු වර්ණබේදවාදයේ, භිෂණයේ උත්සන්නවු වසරක් විය. බොහෝ තරුණ සටන්කාමින්, ශිෂ්‍ය නායකියින් ඝාතනය විය. එතුමාට බොහෝ විට එම අවමංග්‍යවලදි කතා කිරීමට සිදුවිය. ඔත්තු සපයන්නන් මරා දැමීමට කළු ජාතිකයින් පෙළඹවීම තත්වය තවත් දරැණු අතට පත් කෙළ්ය. එතුමා එයට විරැද්ධව හඩ නැගුවේය.

1985 ජූලියේදි රජය දිස්ත්‍රික්ක 36 හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කර හමුදාවට වැඩි බලතල දුන්නේය. ටුටු මෙය තදින් විවේචනය කළේය. එසේම එයට විරුද්ධව උපවාසෙයහි හා යාඥාවේ දිනයක් නියම කළ අතර වැඩ වර්ජනයක් ද යෝජනා කළේය.

දෙපාර්ශවෙයන්ම චෝදනා

සුදු ජාතිකයින් ඔහු භයානක කඩාකප්පල් කාරෙයක්. රටට ද්‍රෝහිවන්නෙක්, කොමිනියුස්ට් වන්දියෙක් ලෙස නම් කර චෝදනා කළ අතර කළු ජාතිකයින් සමහර දෛනක් ඔහු අනවශ්‍ය ප්‍රමාණයට මධ්‍යස්ථ වෙමින් සටන දියාරු කරන බවට එතුමාට චෝදනා කළෝය.

"නැවත වරක් එතුමා ජාත්‍යන්තර සහය ලබාගැනීමේ සංචාරයක නිරත වූයේය. පාවුළුගේ ධර්මදූත ගමන් සේම  ඩෙස්මන් ටුටු රදගුරු තුමාගේ  වර්ණෙබ්දවාදයට විරුද්ධව ජාත්‍යන්ත්‍රර ප්‍රජාවගේ සහය ලබා ගැනීමට සංචාර නව ආරක විමුක්තිවාදි ධර්ම දූත චාරිකා වූවේය."

පළමු කළු අගරදගුරු

1986 දි එතුමා කෙප්ටවුන් හි අගරදගුරු ලෙස පත් වුයේ තුනෙන් දෙකකට වඩා වැඩි ඡන්ද ලබා ගනිමින්. ‍මේ සමගම එතුමා දකුණු  අප්‍රිකානු සභාවේ ඉහළම ධූරයට පත් ප්‍රථම කළු ජාතිකයා බවට පත් විය.

එතුමා කළු ජාතිකයින්ට තහනම් කළ ප්‍රදේශයක පිහිටි නිල නිවසට රජයේ අවසරයකින් තොරව ගොස් පදිංචි වුයේ අයුක්ති සහගත නීති කඩකිරීමක්ද වශෙයනි. නිවස අලු‍ත්වැඩියාව සදහා සභාවේ මුදල් වැය වු අතර එය ඇතමුන්ගේ විවේචනයටද ලක් විය.

"ඔහු ජනවන්දනා පිළිවෙත් අප්‍රිකානුකරණය කළ අතර හැකි තරම් බෙදිම් වලක්වා ගැනීමට ක්‍රියා කළේය. කාන්තාවන්ට පුජකවරය දිමට අනුමැතිය ලබා ගත් අතර කාන්තාවන් බැහැර කිරීම් වර්ණෙබ්දයට සමාන බව කිවේය. ඉන් නොනැවතුනු ඔහු සමලිංගික පුජකවරු ජ්‍යෙෂ්ඨ තනතුරු සදහා පත් කෙළ්ය."

අගරදගුරු වු පසුව එතුමාගේ ක්‍රියාකාරිත්වයන් තවත් බලපෑම් සහගත තත්වයට පත්විය. රජය පෙළපාලි, පා ගමන්, වෘත්තිය සමිති, ක්‍රියාමාර්ග තහනම් කළ විට එතුමා තවත් නායකයින් සමග දේවස්ථාන් වල දේව මෛහයන් සංවිධානය කරමින් රජෙය් තහනමට විරෝධය දැක්විය. 1988 දි එතුමා එවන් මෙහෙයකදී මෛස් පැවසූවේය.

”‍රජෙය් නායකයනී, ඔබ දැනටමත් මේ සටනින් පරාජය වි ඇත. අප ඉතා ප්‍රේමයෙන් යුතුව කියා සිටින්නේ ඔබ දැනටමත් පරාජය වි සිටින බැවින් ජයග්‍රහණෙයේ පැත්තට එන ලෙස අපි ඔබට ආරාධනා කරමු. සුදු ඔබ විශේෂ කොට සැලකීම අයුක්ති සහගතයි. එය සාධාරණ හේතුවක් නොවේ. එය නපුරකි. සැකයෙන් තොරව එය නපුරකි. එයට කිසිදු සදාචාරයක් නැත. එය අකිතුනුය."

මරණ දඩුවමට එරෙහිව

1988 මාර්තුවේදි ෂාපර්විල් සික්ප් නම් නායකයාට මරණ දඩුවම නියම විය. මරණ දඩුවමට කිතුනු ප්‍රතිපත්ති වත විරුද්ධ වු එතුමා  ඊට එරෙහිව ජනසාන්තර බලපැමක් සංවිධානය කළ අතර තමාම අගමැති මුහුනට මුහුණ හමුවේ ඊට විරුද්ධව කතා කළේය. අවසනෙය්දි එය වෙනස් කර ගැනීමට හැකි විය.

මැන්ඩෙලා නිදහස් විම

ක්ලර්ක් අගමැති පදවියට පත්වු අතර රට අභ්‍යන්තරෙය් තත්වයන් මෙන්ම ජාත්‍යන්තර තත්ත්වයද මෝරාගොස් තිබුණේ තවදුරටත් වර්ගවාදි ප්‍රතිපත්ති පවත්වාගත නොහැකි දිශාවටය.

කළු අරගලය සංවිධානය වු නෙල්සන් මැන්ඩෙල්ලාට නිදහස ලැබුණු අතර නිදහස් වි පැමිණි මැන්ඩෙල්ලාට පළමු රාත්‍රිය ගත කිරීමට රදගුරු නිවෙස් ඉඩ සලසා දීමට සී. එන් සි ය කළ ඉල්ලීමට එතුමා ප්‍රතිචාර දැක්විය.

මැන්ඩලාගේ නිදහස් වීමත් සමග ඉදිරියේ ඇතිවිය හැකි වෙනස් විම්වලදි තම තමන්ගේ දේශපාලන න්‍යාය පත්‍ර පෙරට ගැනිම අරඹයා කලු‍ ජාතික සංවිධාන අතර විවිධ ගැටුම් උත්සන්න විය. ඇතැම් විට ප්‍රචණ්ඩ විය මෙම තත්වය සමනය කිරිම් වුවමනාව මත සැලසුම් කළ විදේශ සංචාරය පවා අවලංගු කළ ටුටු රදගුරුතුමා ඒ සදහා වෛහස වි වැඩ කළේය.

1994 දි දකුණු අප්‍රිකානු කළු ජනතාවටද ඡන්දය ප්‍රකාශ කළ හැකි බහුවාර්ගික මැතිවරණයක් පැවැත්වු අතර මැන්ඩෙලා ජනපති ධූරයට පත්විය. මැන්ඩෙලාගේ පදවි ප්‍රාප්තියේ ආගමික කටයුතු ටුටු රදගුරු තුමාට භාරවු අතර එහු කිතුනු මුස්ලිම් හින්දු ආගමික නායකයින් සම්බන්ධවන බහු ආගමික උත්සවයක් බවට පත් කළේය.

අප්‍රිකාවෙන් ඔබ්බට

ඩෙස්මන් ටුටු රදගුරු තුමා දකුණු අප්‍රිකානු අරගලෙයන් ඔබ්බෙහි වු බොහෝ කටයුතු ගැන අවදානය දුන් නායකෙයකි.

ඊශ්‍රයෙල් පලස්තින ගැටළුව ගැන එතුමා නිතර අදහස් දැක් වූවේය. දෙ‍ර‍ටේ පැවැත්ම තහවුරු කරන විසදුමක් අවශයතාවය අවධාරනය කළ අතර පසුව ඊශ්‍රයල් ආධිපත්‍යයට එරෙහිව කතා කළේය. රුවන්ඩාවට ගිය එතුමා  හුටු ජන සංහාරයට සාධාරණය ඉටු කිරි‍මේ ක්‍රියාවලිය අනුබල දුන්නේය. තව බොහෝ රටවල ඔහු චාරිකා කළේ විවිධ අරගල ගැටලු සදහා විසදුම් සෙවිමට සහය වීමටය.

ඇමරිකාවේ ඉරාන යුද්ධය එතුමා තදබල ලෙස විරෝධය දැක්වූවේය. චීනය ‍ටිබෙටය ආක්‍රමණය කිරීමට විරුද්දව බීජිං ඔලිම්පික් උළේල වර්ජනය කරන ලෙස එතුමා රටවල වලින් ඉල්ලා සිටියේ 2009 ඔහු දේශගුනික යුක්තිය සදහා හඩ නැගුවේය.

විවේචනාත්මක සහය

අප්‍රිකාවේ පත්වු කළු බහුතරයේ නායකත්වය සහිත රජයන්ට එතුමා විවේචනාත්මක සහය පළ කළා මිස එහි සෘජු පංගුකරුවෙකු නොවිමට වග බලා ගත්තේය. එතුමා නෙල්සන් මැන්ඩෙල්ලාගේ මෙන්ම ඉන්පසු පත්වු ජනපතිවරුන්ගේ ද ඇතැම් ක්‍රියා විවේචනය කළේය.

පශ්චාත් වර්ණෙබ්දවාදි නව රජය තුළ වර්ණබේදවාදි යුගෙය් සිදුවු ඝාතන, අසාධාරණකම් සෙවිම සදහා වු සත්‍ය හා ප්‍රතිසන්ධාන කොමිෂමක් පිහිට වු අතර එතුමා එහි ප්‍රධානියා විය. අප්‍රිකානු අධ්‍යාත්මික හරයක් වු උබුන්ටු වටිනාකම් මත සත්‍ය සෙවිම මෙන්ම සමාව දීමද ඊට ඇතුළත් විය.

සමලිංගිකයින් වෙනුවෙන්

සමලිංගික විවාහ සභාව තුළ පිළිගැනීම සදහා එතුමා අදහස් පළ කළේය. සමලිංගික ප්‍රජාවන්ගේ අයිතින් උදෙසා හඩ නැගු පළමු රදගුරුතුමා විය. සමලිංගික විවාහ පිළිනොගැනීමට අන්ගලිකාන් රදගුරු සමුළුව තීරණය කළ විට ඔහු “මම ඇන්ග්ලිකානුවෙක් විම ගැන ලැජ්ජා වෙමියි“ පවසමින් ඊට විරුද්ධ වූවේය.

ප්‍රසිද්ධ ජිවිතෙයන් විශ්‍රාම ගැනීම

2010 එතුමා මහජන ජීවිතයෙන් විශ්‍රාම ගන්නා බව ප්‍රකාශ කළේය. එහෙත් එතුමාට තමාගේ පාඩුවට සිටිමට නොහැකි වූවේය. ඉන්පසුවද එතුමා අප්‍රිකාවේ මෙන්ම ලෝකෙය් ද අසාධාරණකම් ඉදිරියේ තම හඩ අවදිකරමින් සිටි. දැන් වයස අවුරුදු 90 ඉක්මවා සිටින ටුටු අගරදගරු තුමා මීට වසරකට පෙර ද, රොහින්යා සරණනාගතයින් ගැන හඩනැගුවේය. ට්‍රම්ප් ජෙරුසලම ඊශ්‍රයල්හි අගනගරය ලෙස පිළිගැනීමට විරෝධය පැවේය.

තවමත් එතුමා තම සිහියේ අංශු මාත්‍රය පවා යුක්තිය උදෙසා භාවිත කරමින් සිටින්නේය.

එතුමාට ගෞරව උපාධි 100 කට වඩා ලැබි ඇති අතර එතුමා තරම් ජාත්‍යන්තර  ඇගයුමට ලක්වු කළු ජාතිකයෙකු නැතැයි කිව හැකිය. මේ අභියෝගාත්මක කිතුනුවා ආගමික ලෝකයට මෙන්ම අනාගමික ලෝකයටද බලවත් ආදර්ශයකි.

Jesustoday.lk 5 වන වසර 32 වන සතිය 2021 ඔක්තෝම්බර් 10 වන ඉරිදා 

 

Comments powered by CComment