සමලිංගිකයින්ට වෙනස් කොට සැලකීම, කළු ජාතිකයින්ට හා කාන්තාවන්ට වෙනස් කොට සැලකීම තරම් ම දුෂ්ඨ දේව විරෝධි ක්‍රියාවක් ‍වේ. මම වර්ණ බේදයට එරෙහිව ක්‍රියා කළේ යම් සේද සම හා සංක්‍රාන්තික ලිංගික ප්‍රජාවට වෙනස්කොට සැලකීමට විරුද්ධව ඒ ආකාරයටම ක්‍රියා කරමි.

දිළිදු පවුලක උපත ලබා

පසු කලෙක දේදුණු ජාතියක් ගැනද දිළිදුන් ගැන ද හඩ නැගු ඩෙස්මන් එම්සිලෝ ටුටු උපත ලැබු‍වේ 1931 ඔක්තෝම්බර් 7 වනදා දකුණු අප්‍රිකාවේ වයඹ දිග පිහිටි ෂ්වනා, ෂෝසා, සොනෝ හා ඉන්දියානු ආදි විවිධ ප්‍රජාවන් ජීවත්වූ ක්ලකර්ස් ඩොපර් නම් කළු ජනයාගේ නේවාසික ප්‍රදේශයේ ය.

ඔහුගේ පියා සෙකරියා ලව්ඩේල් ප්‍රාථමික පාසලක ගුරුවරුයෙකු ලෙස පුහුණුවට ලැබුවෙකු වූ අතර මව බොස්ට්වානා පවුලකින් පැවැත ආ ඇලන් ඩොරතිය. මේ යුවලට තම දෙවැනි දරුවා වන ඩෙස්මන් ටුටු ලැබෙන විට ඔවුන් ජීවත්වූයේ පියා විදුහල්පති ලෙස වැඩ කළ කුඩා පරිමාණයේ මෙතොදිස්ත ප්‍රාථමික පාසල තිබු මෙතොදිස්ත මිෂන් වත්තේ පිහිටි මඩ ගඩොලින් තැනුනු කුඩා නිවසකය. එය පාසල් මාස්ටර්ගේ නිවස විය. තමන්ගේ ළමා කාලය සිහිකරමින් ඩෙස්මන් ටුටු වරෙක පැවසුවේ “අපි ධනවත් නොවුනත් අසරණ නොවු ජිවිතයක්’’ ගත කළ බවයි.

ඩෙස්මන් ටුටු ව ඔහුගේ ආච්චි පටබැදි නාමය වූ එම්පිලේ යන්න ඔහුගේ සහොදරියන්ද ඔහු වෙනුවෙන් භාවිතා කළ අතර එහි අරැත වුයේ’ ජීවිතය’’ යන්නයි.

ළමා හා යොවුන් විය

ඔහුගේ ළමා විය ගෙවුනේ විවිධ ප්‍රදේශවලට මාරැවිමේ අත්දැකිම් සහිතවය.

ළමා වියේදි ඔහු පාපන්දු ක්‍රීඩාවට මෙන්ම පතපොත කියවිමට පුදුමාකාර කැමැත්තක් දැක්වුයේය.

මෙතෝදිස්ත්‍ර සභාවේ බව්තිස්මය ලැබු ටුටු පසු කළක ඇන්ග්ලිකානු සභාවට පවුලක් ලෙස එක්විය. වයස අවුරුදු 12 දි ඔහු ඇන්ග්ලිකානු සභාව තළ ස්ථීරත්වය ලැබුවේය.

ඔහු ප්‍රාථමික අධ්‍යාපනයේ අවසන් විභාගයෙන් ගණිතය විෂය අසමත් වු නමුත් පියාගේ මග පෙන්වීම යටතේ උසස් පාසලකට ඇතළු විය. එහිදි ඔහු ඉගෙනුමට දක්ෂ සිසුවෙකු ලෙස ඉදිරියට පැමිණියේය. උසස් පාසලේදි ඔහු රග්බි ක්‍රීඩාවට යොමු වු අතර මුළු ජීවිතයට තුළම ක්‍රීඩාවට තදින් ඇළුම් කරන්නෙකු බවට පත්විය.

රෝගි දුර්වල දරුවෙක වු ඔහු ළමා විය පුරා විටින් විට අසනිප විය. අවුරුදු 16 දි ක්ෂය රෝගය වැළදි මාස 18 ක් රෝහල්ගතව සිටින්නට ඔහුට සිදුවිය. නමුත් රෝහලෙන් නැවත අතපසු වු විභාගවල‍ට මුහුණ දි දෙවන පංතියේ සමාර්ථයක් ලබා ගත්තේය.

තරුණ විය

තරුණ වියට එළඹුන විට ඔහු ඇන්ග්ලිකානු සභාවේ සේවකයෙකු ලෙස කටයුතු කරන තිර ඇදගිල්ලක් ඇත්තෙකු බවට පත්ව සිටියේය. එහිදි මුණ ගැසුණු ටුවර් හව්ල්පටන් පූජකතමාගේ ජිවිත කැපවිම හා අදහස් ඔහුට තදින් බලපෑවේය.

වෛද්‍යවරයෙකු වීමේ අදහස ඇතුව විශ්ව විද්‍යාලයට බැදුණු නමුත් ගාස්තු ගෙවාගත නොහැකි විමෙන් එය අත්හැර පියාගේ අඩිපාරේ යමින් ගුරු පුහුණුව ලැබීමට රජයේ ශිෂ්‍යත්වයක් ලබාගෙන ඊට යොමුවිය. 1951 දි ගුරු පුහුණු විද්‍යාලයේ ශිෂ්‍ය සංගමයේ භාණ්ඩාගාරික ලෙසද සංස්කෘතික හා පැවිදි සංගමයේ සභාපතිවරයා ලෙසද ක්‍රියාකාරි වු ඔහුට එහිදි එක් අවස්ථාවක තරුණ නෙල්සන් මැන්ඩ‍ෙලා ද මුණ ගැසුනේය.

1954 දි ඉංගිසි ගුරුවරයෙකු ලෙස වෘත්තිය ජිවිතය ආරම්භ කළ ටුටු තම සොහොයුරියකගේ මිතුරියක වු රෝමානු කතොලික බැතිමතයෙකු වු නොමලිසෝ ලි සමග 1955 දි විවාහ විය. කතෝලික දෙව් මැදුරක විවාහය සිදුවිමට ඔහු කැමති විය.

ටික කාලයක් තම මව්පියන්ගේ නිවසේ සිට කුලිගෙදරක ජිවත් වීමට මේ නව යුවල යොමු විය. ඒ අතර ටුටු ඇන්ග්ලිකානු දෙව්මැදුරේ දහම් පාසල් ගුරුවරයෙකු ලෙසද ගායන කණ්ඩායමේද, ගිහි දේශකයෙකු ලෙසද, උප උපස්ථයෙකු හා මිනිස්ටර් වරයෙකු ලෙස ද වැඩ කළේය.

වෘත්තිය අත්හැරිම හා පුජකවරය

දකුණු අපිකානු රජයේ සුදු වර්ණ බේදවාදි ප්‍රතිපත්තිය තව දුරටත් වර්ධනය කිරිම සදහා වෙන්වු අවසාන පනත ලෙස නව පනතක් හදුන්වා දුන්නේය. එය කළු ජාතිකයින් තව තවත් පීඩාවට පත් කරන්නක් වුයෙන් ටුටු හා බිරිද ඒ ප්‍රතිපත්තියට එකග නොවුයෙන් ගුරු වෘත්තිය අත් හැරිනු ලැබුවෝය.

ඔහු ඇන්ග්ලිකානු සභාවේ පූජකවරයෙකු බවට පත්විය. ඉන්පසු ඔහු වැඩිදුර ඉගෙනීමට ගත් උත්සහයක් වැළකි ගියේ ඒ වන විටත් සැලකිය යුතු පමණට ඔහු ණය වි සිටි නිසාය. දානපතියෙකු විසින් ඔහුගේ ණය සෑහෙන පමණක් ගෙවා දැමිම හේතුවෙන් ඔහු ජැහැන්නස්බර්ග් හි ශාන්ත පිතර දෙව් මැදුරට ඇතළු විය.

විවාහක පූජකවරයා යනු බො‍හෝ දුෂ්කරතා සහිත කැපවීමකි. දරු දෙදෙනෙකුගේ පියෙක් ලෙස ආර්ථික දුෂ්කරතා සමග ඔහු ඉදිරියට ගියේය.

අන්තර් ආගමික සංවාදය

විවිධ වාර්ගික, ආගමික, නිකායික පසුබිම්වල අත්දැකිම් සහිත ටුටු පුජක තුමා දේව ධර්ම උපාධිය සම්පූර්ණ කරන අතර මුස්ලිම් ක්‍රිස්තියානි සංවාදය පිළිබද පළකල ලිපියකට අගරදගුරු වාර්ෂික ත්‍යාගයද දිනාගත්තේය ආරම්භයේ සිටම ඔහු තුළ අන්තර් ආගමික, අන්තර් සභා සංවාදයට යොමුවීමක් තිබුණි.

1960 ආරම්භ වන විට වර්ණ බේදවාදි ප්‍රතිපත්තියට එරෙහි විරෝධතා ඇති වෙමින් පැවැති අතර රජය මර්ධනය බලවත් කරමින් සිටියෝය. එහෙත් ඒ වන විටත් ඔහු සිටියේ නිර්ෂාක්ෂියෙකු ලෙස ඒ විරෝධතා ව්‍යාපාරයට එක් නොවුවෙකු ලෙසය. 1962 ඔහුට සභාවක් භාර පූජකයෙකුගේ තත්ත්වය ලැබුණු නමුත් ඔහුට ගෙවුයේ සුදු පූජකයෙකුට ගෙවන මාසික දීමනාවෙන් තුනෙන් එකක් පමණි. 1966 වන විට ඔහු ලන්ඩන් විශ්ව විද්‍යාලයෙන් ශාස්ත්‍රපති උපාධිය දිනාගත් කිසියම් කිර්තියක් දිනාගත් පූජකයෙකු බවට ගොඩනැගි සිටියේය.

මිසම් සේවය තළදි එතුමා කතෝලික මෙතෙදිස්ක ඇග්ලිකානු ප්‍රජාවන් අතර සහයෝගිතාවය සදහා ක්‍රියාකළ අතර උසස් අධ්‍යාපනයේදී ඉස්ලාම් ආගම ගැන අධ්‍යයනයට යොමු විය. 1966 දි පේරුසලම් හි මාස කිහිපයක් නැවති ආරාබි හා ග්‍රික භාෂා ප්‍රගුණ ‍කලේය. ආචාර්ය උපාධිය සදහා මොසේස් තුළ අල් කර්ආනය යනුවෙන් උපාධි නිබන්ධනයක් සැකසිමට සැලසුම් කලද ඔහුගේ ආගමික වගකීම් සමග ඔහුට එය අත්හැර දැමීමා සිදුවිය.

ඉතිරිය ලබන සතියට......

Jesustoday.lk 5 වන වසර 30 වන සතිය 2021 සැප්තැම්බර් 26 වන ඉරිදා 

 

Comments powered by CComment