දූෂණ්‍ය පාපයක් ලෙස දැනෙන හැගෙන ආගමිකභාවයක් සහිත මෙරට බෞද්ධ කිතුනු ඉස්ලාම් හින්දු ජනතාවක් (දේශපාලකයින්ද ඇතුළු) මෙරට සිටින්නේ නම් මෙය සිදුවිය නොහැකිය.

 

අප මේ සටහන තැබීමට ඉක්මක් නොවුයේ, ඉක්මනින් උඩ දමා අමතක කිරිමේ ලාංකීය පුරුද්දට හසු නොවනු පිණිසය.

ජාත්‍යන්තරව නිබය හා ගවේෂණාත්මක මාධ්‍යවේදින් පිරිසක් විසින් හෙළිදරව් කරනු ලැබු , තොරතුරු සමුදායක් ‘පැන්ඩෝරා පේපර්ස්’ නමින් ගෝලියව සමාජ ගත වී තිබේ. ඒ තුළ දැනට හෙළි දරව් වී ඇති ශ්‍රී ලාංකීය නම් දෙකක් නිසා පැන්ඩෝරා පේපර්ස් ගැන ශ්‍රී ලංකාවාසින් ඔක්තෝම්බර් පළමු සතිය තුළ උණුසුම් කතාබහක නිරත විය. දැන් ඒ උණුසුම මැකී යමින් තිබේ.

හිටපු අමාත්‍යවරියක වන පාලක රාජපක්ෂවරුන්ගේ සහෝදරියක වන නිරුපවා රාජපක්ෂ හා ඇගේ සැමියා වන තිරු කුමාර් නඩේසන්ගේ හෙළි නොකළ වත්කම් ගැන මතු වු කතා බහ විපක්ෂය අල්ලස් හා දූෂණ විමර්ෂණ කොමිශමට පැමිණිලි කිරීම දක්වාම ගමන් කළේය.

එක් සමාජ ජාලා පෝස්ටුවක කියවුණේ හෙළිදරව් වී ඇති මුදල මාසයකට රුපියල් කෝටිය බැගින් වියදම් කළත් අවුරුදු 250 ක් වැය කළ හැකි බවයි.

ජනතාවට හිතාගත නොහැකි ප්‍රමාණයක මුදල් වංචනිකව දේශපාලකයින් හා ඔවුන්ගේ හිතවතුන් උපයාගන්නා බව මෙරට ජනතාව හොදාකාරව දනී. පැන්ඩෝරා පේප්ර්ස් වලින් එය හෙළිදරව් කිරීම මෙතෙක් දැන නොසිටි අමුතු සත්‍යයක් හෙළිදරව් වීමක් නොවේ.

දූෂණය විසින් ලංකාවේ දේශපාලන පමණක් නොව මුළු ලංකාවම ගිලාගෙන තිබෙන බව අප තේරුම් ගත යුතුය.

ලංකාව නමැති ධර්ම ද්වීපය, ආගමික යැයි කියා ගන්නා  රාජ්‍ය දූෂණය නැමැති පාපයට මේ තරම් ජනතාව ඇදී යන, ඉඩ දෙන, අගයන තත්ත්වයක් ඇතිවූයේ කෙසේද ?

එය මේ රටේ ආගමිකභාවයේ බංකොලොත් බව පෙන්වන දර්ශකයක් නොවේද ?

මෙරට දේශපාලන යනු තනිකරම වංචාව, දූෂණය හා රාජ්‍ය සම්පත් කොල්ලකෑම සඳහා වු දූෂිතයන්ගේ අශුද්ධ මහා සංධානයකි.

දූෂණ්‍ය පාපයක් ලෙස දැනෙන හැගෙන ආගමිකභාවයක් සහිත මෙරට බෞද්ධ කිතුනු ඉස්ලාම් හින්දු ජනතාවක් (දේශපාලකයින්ද ඇතුළු) මෙරට සිටින්නේ නම් මෙය සිදුවිය නොහැකිය. දූෂණයට නෑ. බෑ කියන එකී හෘද සාක්ෂිය මෙරටට අහිමිවූයේ ආගමික නායකයින් හා දේශපාලකයින්ගේ සන්ධානගත වීමෙනුයි. පූජ්‍ය පූජක පක්ෂය අනුග්‍රහක දේශපාලනයට ගොදුරු වූ පසුව දූෂිත දේශපාලකයින් පිංවතුන් සේ බව්තිස්ම කිරීම අරඹුනි.

මේ සියලු ආගමික පූජ්‍ය පූජක පක්ෂයට ධර්මය ගැන අඹමල් රේණුවක අවබෝධයක් හෝ ධාර්මික පැවැත්මක් තිබුණේ නම් මේ දූෂිත දේශපාලකයින්ගෙ අනුග්‍රහය ලැබීම සිදු නොවනු ඇත.

ලංකාවේ දූෂිණය යනු දේශපාලන ව්‍යාපාරික සන්ධානයක් පමණක් නොවේ. එය දේශපාලන ව්‍යාපාරික ආගමික අශුද්ධ සන්ධානයකි.

Jesustoday.lk 5 වන වසර 32 වන සතිය 2021 ඔක්තෝම්බර් 17 වන ඉරිදා 

Comments powered by CComment