ඔන්ලයින් අධ්‍යාපනයේ අර්බුදය අප සිතනවාට වඩා බරපතලය. නමුත් ඒ ගැන නිසි බරකින් හා වගකීමකින් සිදුවන මැදිහත්වීමක් නොමැති බව පෙනීම මේ ‍ මොහ‍ොතේ ප්‍රශ්නයක් පමණක් නොව අනාගතය පිලිබද බරපතළ ප්‍රශ්නයකි.

 

කෝවිඩ් වසංගතය විසින් ලෝකය පුරා පාසල් වසා දැමීම ඇරඹුණේ 2020 මාර්තු මුල සිට, ලංකාව 2020 මාර්තු අග පාසල් ප්‍රථමවරට වසා දැමුවා.

අධ්‍යාපනය පිළිබඳ ඇතැම් රටවල ප්‍රතිපත්තිය වුණේ ‘අවසානයට වසා දමන්නෙක් මුලින්ම ආරම්භ කරන්නෙත් පාසල්” කියන දේ.

ඒත් ලංකාව සිටියේ එකේ අනිත් පැත්තේ අධ්‍යාපනය ලංකාවේ දේශපාලන ආර්ථීකයේ ඇත්ත ප්‍රමුඛතාවයක් නොවෙයි.

කෝවිඩ් වසංගතය තුළ ලංකාවේ අවධානය තිබුණේ ආර්ථීක අර්බුදය ගැන, දේශපාලන වුවමනා එපාකම් ගැන, අපේ දේශපාලකයෝ කෝවිඩ් සමග මතුවන අධ්‍යාපන අර්බුදයේ ගැන මෙලෝ අවධානයකින් සිටි්යේ නෑ.

විභාග පැවැත්වීම ගැන ප්‍රශ්නය මතු වුණාම විතරයි. ඇත්තටම ඔවුන් යමක් හිතුවේ. දැන් ඊට පස්සේ ගුරුවර්ජනය නිසා.

කෝවිඩ් වසංගතය ඇත්ත අර්බුදයක්. සූදානමක් නැතිව, වැඩ පිලිවෙලක් නැතිව පාසල් වසා දාන්න වුණා. ඒක තේරුම්ගත හැකි තත්ත්වයක්.

නමුත්,

තේරුම්ගන්න අමාරු, ඉවසිය නොහැකි තත්ත්වය තමයි මාස හයක්. අවුරුදද්ක් ගත වෙද්දීත් සාධාරණ ප්‍රශස්ථ විසඳුමක් නැතිකම.

පාසල් වසා දැමීමට ප්‍රශ්නයක් වන එකක් නෑ. තාක්ෂණය දියුණු නිසා ඔන්ලයින් ඉගැන්වීම් මගින් අර්බුදය පිය මං කරන්න පුළුවන් කියලා වැඩ පටන් ගත්තා. (රජය නොවෙයි. ගුරුවරු)

ඒත්, ටික දවසක් යන විට දැනුනා 45% – 40% කට තමයි පහසුකම් තිබෙන්නේ. ඒ අයගෙනුත් 5% ක් පමණ තමයි ඔන්ලයින් ඉගෙනුමෙන් නිසි ඵල ලබන්නේ ඒ වෙන කව්රුත් නොවෙයි. ‘ඇති හැකි’ අය.

දැන් මාස 19 ක් මේ අර්බුදයට රටේ දරුවන්ගෙන් 50% කට කිසිදු අධ්‍යාපනයක් ලැබී නැති බව ක්ෂත්‍රයේ විද්වතුන් ඇස්තමේන්තු කර තිබෙනවා.

ඔන්ලයින් අධ්‍යාපනයේ අර්බුදය අප සිතනවාට වඩා බරපතලය. නමුත් ඒ ගැන නිසි බරකින් හා වගකීමකින් සිදුවන මැදිහත්වීමක් නොමැති බව පෙනීම මේ ‍ මොහ‍ොතේ ප්‍රශ්නයක් පමණක් නොව අනාගතය පිලිබද බරපතළ ප්‍රශ්නයකි.

මෙය පාසල් වයසේ සිටින සියලු දරුවන්ට පොදු වගේම එක් එක් වයස් කාණ්ඩවල දරුවන්ට සුවිශේෂිව බලපා තිබෙනවා. 

ප්‍රාථමික දරුවන්ට

  • 2020 1 ශ්‍රේණියට දරවැන් සති තුන හතරක ඉගෙනුමකින් පසුව කෙලින්ම දෙවැනි පංතියට. දැන් ඔවුන් මේ අවුරුද්දෙත් මාසයක දෙකක පමණ ඉගෙනුමකින් පස්සේ කෙළින්ම 3 වන පංතියටද ? ඒ ගැන තාම කතාබහක් නෑ.

මේ අහිමි වීමට උත්තරය කුමක් ද ? වැඩ පිළිවෙල කුමක්ද ?’

විශේෂයෙන් කිසිදු අධ්‍යාපනයක් මේ වසර දෙක තුළ නොලැබු 50% ක් පමණ වන පිරිසකට, ලක්ෂ ගණනකට මොකද වෙන්නේ ?

■ දරුවන්ගේ මොලයේ වර්ධනය සම්පුර්ණයෙන්ම සිදුවන මේ කාලය තුළ, ඔවුන්ට නොලැබුණු අත්දැකීම් තුළින් ඉගෙනීමේ අවස්ථා සම්පූර්ණ කරන්නේ කෙසේද ?
■ ළමුන් කණ්ඩායම් දෙකක 2019 3 හා 4 ශ්‍රේණිවල සිටි ළමුන්. සම්පූර්ණයෙන්ම ඔවුන්ගේ ප්‍රාථමික අධ්‍යාපනයනේ ඉවත්ව දැන් කනිෂ්ඨ අංශයට යනවා. මේ අහිමි වීම ?
■ ඉතා ඉක්මනින් අතට පත් වූ ඩිජිටල් උපකරණවල මානසික බලපෑම

පෙර නව යොවුන් වියේ දරුවන්ට (6-9)

- පාසල් අධ්‍යාපනය, සමාජානුයෝජනය නැතිව යෞවනනෝදයට පත්වු ලක්ෂ ගණනක් දරුවන්.
- යම් පිරිසකට අතට පත් වු දුරකථන ඩිජිටල් උපකරණ නිසා වු ඇබ්බැහිවීම් හී මානසික බලපෑම්වලට විසඳුම් මොනවාද ?

මැදි නව යොවුන් වියේ දරුවන් (10-11)

- 2019 දී 10 ශ්‍රේණියේ සිටි ළමයා දැන් සාපෙළ අසලට ඇවිත්.
- ඔන්ලයින් කිසිදු ඉගැන්වීමක් නොලද ළමයි හා එවන් ඉගැන්වීමක් ලද ළමයි.  සා පෙළ විභාගය අසල ඉන්නේ අහසට පොළව වගේ විෂමතාවයක. මේකට විසඳුම කුමක්ද ?
- ඩිජිටල් උපකරණය සඳහා විශාල ඇබ්බැනියක්.

පසු නව යොවුන් වියේ දරුවන් (12-13)

- රැකියාවලට යොමු වූ දරුවන්
- විවාහ වු දරුවන්
- මත්ද්‍රව්‍,ය ඩිජිටල් ඇබ්බැහිවු දරුවන්.
- කිසිදු ඉගෙනුමක් නැතිව උසස් පෙළට ළගදි මුහුණ දෙන දරුවන්

විශේෂ අවශ්‍යතා ඇති දරුවන්

- ඔවුන් සඳහා ගුරුවරයා අති සම්පව සිටිමින් කළ යුතු ඉගැන්වීම් අහිමි වීම
- ඔවුන්ට එම ආයතන තුළ පාසල් තුළ ලබන ආදරය සැලකිල්ලට රැකවරණ අහිමි වීම.
- නිවෙස් තුළ උපකරණය නැති නිසා සිදුවූ අහිමි වීම්

පොදුවේ සියලු දරුවන්

ප්‍රධාන ප්‍රශ්නය වන්නේ පාසල් ගමන අත්හැර දැමු හෙවත් හැලී ගිය දරුවන් ඔවුන් ගැන ඉක්මනින් සොයා බැලීමක් සිදු වේද ?
සාමාන්‍යයෙන් වසරකට 100 000 කට වඩා හැලෙනවා. එය විශාල ලෙස වර්ධනය වී ඇතිමාට සැක නැත. මොකක්ද වැඩපිළිවෙල, කව්ද ඒක කරන්නේ.
- නැවත පාසල් එන්නට සපත්තු නිල ඇඳුම් උපකරණ ගැනීමට බොහෝ දෙනෙකුට වේවි. (ළමුන්ගේ වර්ධනය සමග) ආර්ථික ප්‍රශ්න දෙගුණ තෙගුණ වූ දෙමාපියන්  කොහොමද ඒවා පූර්ණය කරගන්නේ ? නැවත ණයවීම්ද ඔවුන්ට උරුම. මොකක්ද වැඩ පිලිවෙල, කව්ද ඒක කරන්නේ.
- ඩිජිටල් ඇබ්බැහි වූවන්ට උපදේශනයට වැඩ පිළිවෙල කුමක්ද ? කව්ද ඒක කරන්නේ.
- පසුබා ගිය සාධන මට්ටම අඩු පාසලට එන ළමුන්ට විසඳුම් මොනවාද ? කව්ද එක් කරන්නේ.

ගුරුවරුන්ගේ ප්‍රශ්නය 

අධ්‍යාපනයේ ප්‍රධාන භුමිකාවක් ඉටුකරන ගුරුවරුන් මේ මොහොතේ සිටින්නේ තම සාධාරණ වැටුප් අරගලයක් තුළය. ඒ සදහා සාධාරණ විසදුම් රජය ලබා දෙන බවක් නොපෙනේ. පාසල් පටන් ගැනීමත් සමග ඒ තත්ත්වයද අධ්‍යාපන ක්‍රියාවලිය කෙරෙහි බලපානු ඇත. 

පාසල් පටන්ගත් විගස

- අධ්‍යක්ෂවරු වාර්තා වාර්තා වාර්තා ඉල්ලනු ඇත.
- විදුහල්පතිවරු ගුරුවරු විෂය නිර්දේශ ආවරණයට, විභාග ඉලක්ක වලට වෙහෙසෙනු ඇත.
- ඉහත කී අවශ්‍යතා සඳහා කාලයක් වෙන් නොකරනු ඇත.
- ඉහත කී අවශ්‍යතා නාමයෙන් වෙළෙන්දෙන් පාසලවලට එනු ඇත.

ස්වේච්ඡා හා අවංක මැදිහත්වීම් අවශ්‍යයි.

- රජය මේ දක්වා කළා සේම මේ කටයුතු සැබෑ ලෙස කිරීමේ වගකීම අත්හරිනු ඇත.
- ඒ නිසා ස්වේච්ඡා වැඩ පිළිවෙලක් අවශ්‍යවනු ඇත. එය ඉතා අවංක ප්‍රචාරණවාදි නොවන එකක් විය යුතුය.
- සියුම් ලෙස ගුරු විදුහල්පති කැමැත්ත හා දෙමාපියන් පෙළඹා ගත් එකක් විය යුතුය.

කළ හැක්කේ මොනවාද ?

1. මේ අර්බුදය ගැන ඊට විසඳුම් සෙවීමේ රාජ්‍ය වගකීම ගැන දිගින් දිගටම කරුණු දැක්වීම්, හඬ නැගීම
2. සංවිධාන, සාමුහික මට්ටමින් කළ හැකි දේ සඳහා දැන් සිටම සංවිධානය වීම.
   උදා- විශේෂ ප්‍රතිකාර අධ්‍යාපන වැඩ සටහන්,  විශේෂ සුබසාධන වැඩසටහන්.
3. පෞද්ගලික මට්ටමින් කැපවීම හා දරුවන් අධ්‍යාපනයට යොමු කිරීම.
4. රටේ නිදහස් අධ්‍යාපනය වෙනුවෙන් පෙනී සිටීම ජීවිතයේ ප්‍රධාන ප්‍රතිපත්තියක්, ස්ථාවරයක් කර ගැනීම.
5. පරිපූර්ණ අධ්‍යාපනයක් ගැන අවදි වු මිනිසෙක්, ගැහැනියක්, පරපුරක් බවට පත් වීම.

Jesustoday.lk 5 වන වසර 32 වන සතිය 2021 ඔක්තෝම්බර් 17 වන ඉරිදා  

 

Comments powered by CComment