ඔන්ලයින් ලෝකයට ළමයා විවෘත වීම කියන්නේ ඔන්ලයින් ඉගෙනුමට යොමුවීම විතරක් නොවෙයි කියන දේ මුලින්ම අවබෝධ කර ගන්න අවශ්‍යයි. එතැනට පටුකරගෙන සිතුවොත් වෙන්නේ විශාල නොමඟ යාමක් වගේම ලොකු වැරැද්දක්.

 

ඔන්ලයින් ලෝකයේ සමාජ පැතිකඩ දැකගන්න ක්‍රියාකරන්න.

ඔන්ලයින් ඉගෙනුම ගැන සිදුවන කතාබහ පවතින්නේ පටු සීමාවක බව මුලින්ම කියන්න වෙනවා. බොහ‍ො දෙනා පාසල් පටන්ගෙන සාමාන්‍ය තත්ත්වයට පත්වු පසුව මේ ප්‍රශ්නය නිමාවන්නක් ලෙස හිතන බව පෙනෙනවා. නමුත් යථාර්ථය ඊට වඩා බොහ‍ො වෙනස්.

2020 මාර්තු මාසයේදී පාසල් වසා දැමීමට පෙර ගත්තොත් නව යොවුන් පාසල් සිසුන් අතර සමාජ මාධ්‍ය භාවිතය, අන්තර්ජාලය ඇබ්බැහිවීම්, වීඩියෝ ගේම්, සයිබර් අවකාශය හරහා සිදුවන ගැටළු සැලකිය යුතු තරමේ සමාජ ප්‍රශ්නයක්ව තිබුණා.

ඔන්ලයින් ප්‍රශ්නයක්ම නොවෙයි.

ඉදිරියේදී කවදා හෝ පාසල් පටන් ගන්නේ 2020 මාර්තුවල සිටියාට වඩා ලංකාවේ ළමා හා යොවුන් පරපුරේ සැලකිය යුතු පිරිසක්. ඩිජිටල් උපකරණවලට ඇබ්බැහි වු පසුබිමක.

ඒ නිසා ඔන්ලයින් ලෝකය තුළින් ඇති වූ ගැටළු පාසල් පටන් ගැනීමත් සමඟ ඉබේම අහොසි වන්නේ නෑ. ඒ ගැන ගැඹුරින් සිතා බලා කල් තියා සූදානම්ව කටයුතු කිරීම වැඩිහිටි වගකීමක්.

තම දරුවන් ගැනත් රටේ ළමා පරපුර ගැනත් සැබැ උනන්දුවක් දක්වන්න අයට මේ ලිපිය ටිකක් දිගුවුනත් සන්සුන්ව වේලාව අරගෙන කියවන්න කියලා අපි ආරාධනා කරනවා.

ඔන්ලයින් ලෝකයට ළමයා විවෘත වීම කියන්නේ ඔන්ලයින් ඉගෙනුමට යොමුවීම විතරක් නොවෙයි කියන දේ මුලින්ම අවබෝධ කර ගන්න අවශ්‍යයි. එතැනට පටුකරගෙන සිතුවොත් වෙන්නේ විශාල නොමඟ යාමක් වගේම ලොකු වැරැද්දක් .

ඔන්ලයින් හරහා විවෘත වූ ලෝකය කියන්නේ, අන්තර්ජාල ලෝකය, සයිබර් අවකාශය, ඩිජිටල් ලෝකය, ඊ ලෝකය, අයි ලෝකය කියන දේ අති තේරුම් ගත යුතුයි.

කැමැති උනත් අකමැති වුනත් අපේ දරුවන් මේ ලෝකයට අයිති දරුවන් බව අපි තේරුම්ගත යුතුයි. ඇත්තටම මේ මොහොතේ පවතින ගැටළුව පරම්පරා දෙකක් අතර ප්‍රශ්නයක් ලෙසත් අපි තේරුම්ගත යුතුයි.

පරම්පරා දෙකක්

දරුවෝ, නව යව්වනයෝ අයත් වන්නේ ඊ පරම්පරාවට, අයි පරම්පරාවට, ඩිජිටල් පරම්පරාවට, සමාජ මාධ්‍ය පරම්පරාවට.

වැඩිහිටියෝ වැඩි දෙනෙක් අයිති වන්නේ ජනමාධ්‍ය පරම්පරාවට.

වැඩිහිටියෝ වැඩි දෙනෙක්ට ඊමෙල්, ඊ පර්ස්, ඊ කොමස්, අයිෆෝන්, අයි පෑඩ්, ෆේස්බුක්, වට්ස්අප්, සූම්, ආගන්තුකයි. ඔවුන් දන්නේ රූපවාහිනිය ක්‍රියාත්මක කරන්න. ගුවන්විදුලිය ක්‍රියාත්මක කරන්න. පත්තරයක් බලන්න. ස්මාට් නොවන ජංගම දුරකථනයක් ක්‍රියාත්මක කරන්න.

ඒක එහෙම වෙද්දී පුංචිම දරුවන් පවා මව් කුසේදී ප්‍රගුණ කරලා ආවා වගේ ඊ ලෝකයට, ඩිජිටල් ලෝකයට වේගයෙන් අනුගත වෙනවා. වැඩිහිටියෝත්  ‘බලන්නකෝ අපේ පුතාට තාම අවුරුදු දෙකයි. ෆෝන් එකෙන් වැඩ කරන්න මටත් වඩා දන්නවා’ වගේ කතන්දර කියනවා.

ඒ නිසා වැඩිහිටියන්ට කියන්න තියෙන්නේ මුලින්ම තමන් අවංකව පිළිගන්න ඕනි අපි මේ ගැන දන්නේ අඩුවෙන් කියන දේ. හැබැයි ඉතිං ඒක නිදහසට කාරණයක් නොවෙයි.

ඒ නිසා,

ඉගෙන ගන්න

දැන ගන්න
බයවෙන්න එපා
ත්‍රස්ත වෙන්න එපා
කේන්ති ගන්න එපා
බැන වදින්න එපා
ගහන්න එපා
සංසුන් වෙන්න
අවදි වෙන්න
ඉගෙන ගන්න

ඒකට කාලයක් වෙන් කරන්න. ඒක අනිවාර්ය වැඩිහිටි වගකීමක්. පුංචි ළමයි බෝනික්කෝ එක්ක සෙල්ලම් කරනවා වගේ මේ ඩිජිටල් උපකරණ එක්ක ඔබ සෙල්ලම් කරන්න යන්න එපා. ඩිජිටල් සාක්ෂරතාවය ලබා ගන්න.

තේරුම් ගන්න

තාක්ෂණය හොඳ හෝ නරත වෙන්නේ ඒක නිෂ්පාදනය කරන අය ඒක භාවිතා කරන ආකාරය හා ජනතාව ඒක භාවිතා කරන ආකාරය අනුව කියන දේ අපි තේරුම් ගන්න ඕනි. ඒ විතරක් නොවෙයි ඒවා නිර්මාණය වෙලා තියෙන ද්‍රව්‍යවල අන්තර්ගතය අනුවම තිබෙන හානිත් අපි තේරුම් ගන්න ඕනි.

අපි සමහර කෑම හද කොට සමහර ද්‍රව්‍ය එකතු කරගන්නවානේ. ඒ කෑමේ තිබෙන සමහර අහිතකරතා වළක්වන්න අන්න ඒ වගේ ක්‍රියාමාර්ග මේ තාක්ෂණය භාවිතයේදි අපි කළ යුතු වෙනවා.

සීමා පිළිබඳ එකගතා ඇති කර ගන්න

ළමයින්ට ෆෝන් එකක් දෙන විට ඔහුට / ඇයට අවශ්‍ය ප්‍රමාණයේ පහසුකම් ඇති එකක් දෙන්න අවශ්‍යයි. ආරක්ෂක විධිවිධාන යොදන්න.

නිදසුනක් ලෙස

දරුවාට අවශ්‍ය සූම් හා ගූගල් මීට් වැනි පහසුකම් පමණක් නම් ඒවාට සීමා වු පැකේජයක් ලබා දෙන්න.

දරුවා ෆෝන් එක ආධාරයෙන් වෙනත් දැ බැලීමට යොමුවීමට ඉඩක් තිබෙවා. ඒක ළමා හා යොවුන් මනස තුළ තිබෙන කුතුහලය සමඟ බැදුනක්. ඒ නිසා එහෙම වෙන්න ඉඩක් තිබෙන බව සිතන්න. ඒක දරුවාව සැක කිරීමට වඩා ඔහු ගැන අවදියෙන් සිටීමක්. එය ආදරයේ ක්‍රියාවක්.

ෆෝන් එක තමන්ට අධික්ෂණය කරන්න පුළුවන් විදිහට පාලනයක් ඇති කරගන්න අවශ්‍යයි. එසේ කරන ආකාරය ඉගෙන ගන්න. මේ පිලිබඳව අපේ දැනුවත් වැඩිහිටියෝ පවා අවධානය දෙන්නේ නෑ. ඒ නිසා දරුවන් මේ උපකරණ අවභාවිතයට ඇදී යනවා. 

 සාකච්ඡා කරන්න

ළමයා සමහර පහසුකම් ඉල්ලා සිටින විට ඔවුන් සමඟ ඒ ගැන සාකච්ඡා කරන්න. සාකච්ඡා කර ඒත්තු ගන්වන්න. ඔබට වැඩිහිටියෙක් ලෙස ඒ ගැන අවබෝධයක් නැත්නම් ඒ පිළිබඳ දැනුවත් අයෙකුගෙන් විමසා තිරණයක් ගන්න.

ආදරයය අවශ්‍යය

දරුවන්ව ඒත්තු ගන්වන්න පුළුවන් වෙන්නේ ඔබට ඔවුන් සමඟ සැබැ ආදරණීය බැඳීමක් ඇත්නම් විතරයි.

මේ යුගය තමයි දරුවන් හා දෙමාපියන් අතර ඉතා ම ගැඹුරු ආදරණීය සබඳතා අවශ්‍ය යුගය. ඔබේ වෘත්තීය ජීවිතය ආර්ථීකය ඒ සියල්ල තුළ ඔබේ ප්‍රමුඛතාවය බවට දරුවන් සමඟ සබඳතා පවත්වා ගැනීම බව අමතක කරන්න එපා.

ඉතිරිය ඉදිරියට....

Jesustoday.lk 5 වන වසර 30 වන සතිය 2021 සැප්තැම්බර් 26 වන ඉරිදා  

Comments powered by CComment