කතෝලික, ඇන්ග්ලිකානු මෙතොදිස්ත බේදයකින් තොරව ලංකාවේ බොහෝ කිතුනු පාසල් තමන් මේ රටට කරපු උදාර සේවාව පෙන්වීමට තම පාසල් වලින් බිහිවු දේශපාලකයින්ව දක්වති.

දෙවියන් ඉදිරියේ සියල්ලෝ සමානයෝ යැයි කියුවාට කිතුනුවෝද පළමු පනතට විරුද්ධව ‘ප්‍රභූ බොරු දේව වන්දනාව ජයටම කරති’

කතෝලික, ඇන්ග්ලිකානු මෙතොදිස්ත බේදයකින් තොරව ලංකාවේ බොහෝ කිතුනු පාසල් තමන් මේ රටට කරපු උදාර සේවාව පෙන්වීමට තම පාසල් වලින් බිහිවු දේශපාලකයින්ව දක්වති. දැන්වත් එය නැවැත්විය යුතු නැතිද ? ශ්‍රී ලංකාවේ ප්‍රගමනයට සැබෑ ලෙස ක්‍රියා කළ දේශපලන නායකයින් නිදහසින් පසු සිටින නායක ලැයිස්තුවේ සිටිත්ද ? දේව රාජ්‍යයේ වටිනාකම් මත ඔව්හූ සැබැ නායකයෝ වෙත්ද ? සැකක් නැතිවම "නැත" යැයි කිව හැකිය.

දේශපාලකයින් හැරුනු විට කීර්තිමත් ආදි සිසුන් ලෙස බොහෝ දෙනා හුවා දක්වති. නමුත් ඔවුන් අතරින් ඇතැමුන් තනතුර බැටළුවෝ නොව තනතුර‍ෙන් බැබළුණෝ වෙති. විශේෂයෙන් ගෞරවනීය වෘත්තිකයින්ගේ යුගය 1978 න් පසු කෙමෙන් වියැකි ගියේය.

මේ දිනවල කතා බහට ලක්වන අජිත් නිවාඩ් කබ්රාල් නම් ඊනියා ප්‍රභූවරයා සාන්ත පීතර විදුහලේ අභිමානවත් ආදි සිසුන් පිළිබඳ ලැයිස්තුවේ ඒ විද්‍යාලය නිකුත් කළ සංවත්සර කලාපය සඳහන් කර තිබෙනු දුටුවෙමු. එහෙත්, ඒ ඡායාරූප එකතුවේ දේව රාජ්‍යයේ වටිනාකම් ගැන සාක්ෂි දරා ප්‍රාණ පරිත්‍යාගී වු මයිකල් පොල් රුදිගු පියතුමා සිටියේ නැත.

තමාද ඇතුලත්වන ලෙස විශ්‍රාම වැටුපක් රජය ලවා අනුමත කර ගැනීමට ක්‍රියා කළ ඔහු කවර කිතුනු ගුණාංග ප්‍රකට කරන්නේදැයි පාඨකයා සිතා බැලිය යුතුය.

අපගේ මේ කෙටි ලිපියේ අරමුණ පුද්ගලයෙකු ගැන කීම නොවේ. නියම කිතුනු ගුණාංග, දේව රාජ්‍යයේ ලක්ෂණ මත මිස වෘත්තීය තනතුරු මත කිතුනුකම මැන නිකමුන් ඇතැමුන් කරන බොරු දේව වන්දනාව දැන්වත් අත්හැරිය යුතු නැති දැයි සිතා බැලීමකට ආරාධනා කිරීමයි.

Jesustoday.lk 5 වන වසර 29 වන සතිය 2021 සැප්තැම්බර් 19 වන ඉරිදා 

Comments powered by CComment