පසු කාලීනව කිතුනු-මුස්ලිම් ලෝකය අතර ජෙරුසලම හා බෙත්ලෙහෙම ගැන එකඟතාවයක් ඇති වීම දක්වා සුල්තාන් හා සාන්තුවරයාගේ හමුවීම බලපෑ බව පැවසේ.

කුරුස යුද්ධ

මානව ඉතිහාසයේ ආගමේ නාමයෙන් සිදුවූ ඉතා ක්‍රෑර යුද්ධ අතර ප්‍රධාන වන්නේ ‘කුරුස යුද්ධයි’ ක්‍රි.ව 1095 – 1291 අතර කාලය තුළ ප්‍රධාන වශයෙන් බටහිර ක්‍රිස්තියානි ලෝකය හා මැදර පෙරදිග මුස්ලිම් ලෝකය අතර සිදුවූ යුද්ධ කුරුස යුද්ධ ලෙස සලකයි. එය කුරුස යුද්ධ ලෙස සලකනුයේ ක්‍රිස්තියානින්ගේ යුද්ධා යුධවල කුරුස ලකුණ සළකුණ කෙරි තිබුණු නිසාවෙනි.

කුරුස යුද්ධ පිළිබඳ බටහිර ක්‍රිස්තියානි අර්ථකථනය වූයේ ජේසුගේ උපන් භූමිය වන ශුද්ධ වූ දේශය මුස්ලිම්වරුන්ගෙන් බේරා ගැනීම සඳහා කරන ශුද්ධ වූ යුද්ධයක් යන්නයි. එම මතුපිට අර්ථකථනයෙන් ඔබ්බට ගොස් කරුණු විමසා බැලුවිට කුරුස යුද්ධවල සැඟවුණු වුවමනාව වූයේ බටහිර අධිපතිවාදි අධිරාජ්‍යවාදී වුවමනා ව්‍යාප්ත කිරීම සඳහා මැද පෙරදිග හා පෙරදිග කලාපයේ ඇති බාධා ඉවත් කිරීම බව පෙනී යනවා.

ක්‍රිස්තියානිය බටහිර හා පෙරදිග ලෙස බෙදී යාම හෙවත් මහා බෙදීම සිදුවන්නේ 1050 දී. රෝමය නැගෙනහිර ක්‍රිස්තියානි සංඝවලට කරන අධිපතිවාදි බලපෑම නිසයි, මේ බෙදීම සිදුවන්නේ. මේ බෙදීම මගින් බටහිර ක්‍රිස්තියානි ආධිපත්‍ය යම් පමණකට සංකෝචනය වෙනවා. එය නැවත පතුරුවන්නට අවශයයි. කුරුස යුද්ධවලදී මරන්නේ මුස්ලිම්වරුන්ව විතරක් නොවෙයි. ඕතඩොක්ස් අයවත් ජුදා අයවත් මරණයට පත් කරනවා.

ඉස්ලාමය බිහිවූ පළමු සියවස් දෙක තුළ ක්‍රිස්තියානින් මොහොමඩ් නබි ව දකින්නේ මිතුරු ආකල්පයකින් දේවානුභාවය ලද අයෙකු වශයෙන් නමුත් ක්‍රිස්තියානියේ සාරය දියවී ගිය දිවැසිවර සම්ප්‍රදාය සිඳී ගිය කිසියම් ප්‍රභු ආගමක් බවට නීතිරීති වලින් ජනයා පීඩාවට පත් කරන ආගමක් බවට පත් ව තිබු එම යුගයේ ක්‍රිස්තියානිය ගැන කළ කිරුණු කිතුනුවන් ඉස්ලාමයට ආකර්ශනය වෙනවා. ඉස්ලාමය පහළම මිනිසුන්ට අපහසුවකින් තොරව අනුගමනය කළ හැකි සරල වගකීම් පහකින් සමන්විත භාවිතාවක්. සම්ප්‍රදායික ක්‍රිස්තියානි ප්‍රදේශ මුස්ලිම් වීමත් ඉස්ලාමය තුළත් ඇතැම් පිරිස් තුළ අධිපතිවාදී හැඟීම් ඇතිවීමත් සමඟ බල ගැටුම් ති වෙනවා.

මේ පසුබිම මත මොහොමඩ් නබි තුමා ගැන, ඉස්ලාමය ගැන බටහිර ආකල්පය වෙනස් වෙනවා. 8 වන සියවස වන විට බටහිර ඔහු දකින්නේ නොමඟ ගිය අයෙකු ලෙස වේද බේද කාරණයෙක් ලෙස මොහොමඩ් නබිව සාතන් ලෙස හුවා දැක්වීම ආරම්භ කරන්නේ කුරුස යුද්ධයට අවශ්‍ය මතවාදය, නිර්මාණය කරන්න. ඉන්පසු තමයි එක පියෙකුගේ දරුවෝ ඓතිහාසික සතුරන් ලෙසට වන ප්‍රවාදයක් ගොඩනගන්නේ.

සුලතාන් හා සාන්තුවරයා

ඉතාලියේ අසිසිහි පෝසත් රෙදි හා ඇඳුම් කර්මාන්තකරුවෙකුගේ වු පුතෙකු වු ප්‍රැන්සිස් උපත ලද්දේ 1182 දීය. 1202 අසිසි නගරයේ හමුදා සාමාජිකයෙකු වු ඔහු පසුව ක්‍රි.ව 1204 දී කුරුස යුද්ධය සඳහා නයිට් නාමයක් ලබාගනු අවියෙන් පාප් තුමන්ගේ හමුදාවට බැදුණි. කුරුස යුද්ධයට යන අතර තුර තමා සේවය කළ යුත්තේ ස්වාමි වු දෙවියන්ටද එසේ නැත්නම් සේවකයා වු පාප් තුමන්ට ද යන අභ්‍යන්තරික හඬට අවනත වීමක් ලෙස ඔහු හමුදාවෙන් ඉවත් වී ආපසු පැමිණියෙකි. සමාජය ප්‍රතික්ෂේප කළ ලාදුරු රෝගීන් වැළඳ ගනිමින් ඔවුන්ට සේවය කොට ඉතා දිළිඳු සරල ජිවිතයක් ගත කළ එතුමා සභාව යන ගමන දෙවියන්ට පිටුපෑ එකක් බව පසක් කළේය. ධනවත් පවුලක් ධනවත් සභාවක් ගොඩනගනු වෙනුවට ජීවිත ගොඩනගන මෙහෙවරට ඔහු ඇතුලත් විය.

1219 වන විට කුරුස යුද්ධ කරුවෝ ඉතා දරුණු පහර දීම කරන තත්වයක් ඇති වූ තිබි අතර ඔවුන් නයිල් ගංගා නිම්නයේ කිලෝමීටර් හතරක් පමණ දුරින් වු ඩමියේටා නගරය (Damietta වටලා කඳවුරු බැඳ සිටියෝය. යුද්ධය නොව සාමය වෙනුවෙන් යමක් කිරිමට අවශ්‍ය බවට වූ අභ්‍යන්තර පෙළඹිමක් මෙකල ප්‍රැන්සිස් තුළ විය. ඔහු සහෝදර පූජකයෙකු සමඟ ඊජිප්තුවට යාමට සූදානම් විය.

මෙකල ඊජිප්තුවේ ප්‍රසිද්ධ මුස්ලිම් නායක සලාඩින් ගේ බෑනා කෙනෙකු වු අල් කමිල් ඊජිප්තුවේ සුල්තාන්වරයා ලෙස කටයුතු කරමින් සිටියේය. ඔහු තම මවගේ බලපෑමෙන් කාරුණික සංවේදී සාමකාමි සිතුවිලි ඇත්තෙකු විය. ජනයා ඔහුට පීතෘත්වයෙන් සැලකුහ.

ප්‍රැන්සිස් තම අරමුණ සඳහා අධිශ්ධාන පූර්වක වූ අතර කුරුස යුද්ධ කඳවුරේ සිට සුල්තාන්ගේ කඳවුර වෙත සහෝදර පූජකයා සමඟ අවධානම් ගමන ගියේය. සුල්තාන් ප්‍රැන්සිස්ගේ අවංකත්වය හඳුනාගනිමින් ඔහුව පිළිගත් අතර එම ප්‍රදේශය තුළ දහම් දෙසීමටද අවසර දුන් බව සඳහන් වේ.

දරුණු සටන් මැද්දේ දෙපාර්ශවය අතර සතියක සටන් විරාමයක් ඇති වූ අතර ඒ සටන් විරාමය තුළ ප්‍රැන්සිස් හා ඔහුගේ මිතුරා මුස්ලිම් ප්‍රදේශයෙන් ඉවත්ව නැවත ඉතාලිය බලා පිටත්ව ගොස් ඇත.

එසේ ම එහිදි ඉස්ලා්ම භක්තිකයින්ගේ විනයටත් විශ්වාසවන් යාච්ඥා කිරීමේ පරිචය දුටු ප්‍රැන්සිස් එයින් ආනුභාවය ලැබීය. කිතුනු ලෝකයට දවසක තෙවරක් යාච්ඥා කිරීමේ සම්ප්‍රදාය ප්‍රැන්සිස් තුමා හඳුන්වා දුන්නේ ඒ අනුව බව කියැවේ.

පසු කාලීනව කිතුනු-මුස්ලිම් ලෝකය අතර ජෙරුසලම හා බෙත්ලෙහෙම ගැන එකඟතාවයක් ඇති වීම දක්වා සුල්තාන් හා සාන්තුවරයාගේ හමුවීම බලපෑ බව පැවසේ.

පසුකාලීනව ක්‍රිස්තියානින් තම සුවිශේෂත්වය ඉස්මතු කරන අර්ථ කථන මේ හමුවීමට දී තිබේ. කෙසේ වෙතත් මේ හමුවීම් ඉතිහාසයේ සුවිශේෂි සිදුවීමකි. එය අදට ද අාලෝකය සපයයි.

ඉතිරිය ඉදිරියට................................

Jesustoday.lk 5 වන වසර 21 වන සතිය 2021 ජූලි 24 වන ඉරිදා

Comments powered by CComment