Print

“වෙහෙසෙන්නාවුද බර උසුලන්නාවුද සියල්ලෙහි මා වෙතම එන්න මම ඔබට සහනය දෙමි”  ඒ මෙහෙවර පීඩිතයින් සම්බන්ධව ඉටුකරන දූත සේවා නැත. එවැන්නක් ඇත්නම් ඒ සේවාව නිසැක ලෙස මිනිසුන්ගේ සාරය සූරාකන මේ ක්‍රමයට විරුද්ධ ක්‍රියාත්මක වන මෙහෙවරක් වනු ඇත

දුගී පවුල් මුහුණ දෙන අභියෝග - 2

පවුලට දෙන්නට කාලය සොයා ගැනීම දුගී පවුල් සම්බන්ධයෙන් දැවැන්ත අභියෝගයකි.

බොහෝ පවුල් උපදේශකයින් ධන චින්තකයින් පැවිදි පූජකයින් පවුලට කාලය දෙන්නැයි කීවද අන්ත දුගී පවුල්වලට එය කිරිමට ඇති දුෂ්කරතාවය ගැන සැලකිල්ලක් නොදක්වති.

දවස පුරා කීයක් හරි සොයා ගැනීමට අති දුෂ්කර කාර්යන්හි නිරතව නිසි පෝෂණයක් නොමැති වු ඔවුන් වැඩි හරියක් රෑ බෝවෙත්දි නිවසට එන්නේ අධික වෙහෙසට පත්වය. සිය දරුවන් සමඟ කතා කිරීමට පවා ශක්තියක් තව දුරටත් ඔවුන් සතු නොවන තරම්ය. ඉතා සීමිත ඉඩකඩක් ඇති පුංචි පැල්පතක වැටි නිදා ගන්නේ හෙට නැවත වැඩට යාමට ශක්තිය එකතු කර ගැනීමටය.

අත පය කකියන මුළු ශරීරයම එකම තුවාලයක් සේ රිදුම් දෙන ඇට සැකිලිවන් මිනිසුන් අතර පිරිමින්ද මත්පැන් බිඳක් තොලගාන්නේද ඒ වෙහෙස අමතක කිරිමටය. ගැහැනුන් රූපවාහිනි යන්ත්‍රයට මදක් එබි බලා සිට සැහැල්ලුවක් විදි මේවා දුසිරිත් ලෙස හුවා දැක්වි හැකි වුවද ඔවුන්ගේ අත්දැකීමට සහනක් වන්නෝ කව්රුහුද ? පිළිතුරක් වන්නෝ කවුරුද ?

“වෙහෙසෙන්නාවුද බර උසුලන්නාවුද සියල්ලෙහි මා වෙතම එන්න මම ඔබට සහනය දෙමි” 

ඒ මෙහෙවර පීඩිතයින් සම්බන්ධව ඉටුකරන දූත සේවා නැත. එවැන්නක් ඇත්නම් ඒ සේවාව නිසැක ලෙස මිනිසුන්ගේ සාරය සූරාකන මේ ක්‍රමයට විරුද්ධ ක්‍රියාත්මක වන මෙහෙවරක් වනු ඇත. 

ප්‍රේමයේ ආනන්දය අපොස්තලික අනුශාසනාව මෙසේ සඳහන් කරයි.

බොහෝ අවස්ථාවලදී දෙමව්පියන් අධික වෙහෙසට පත්ව නිවසට පැමිණෙන්නේ, කථා කිරිමට ශක්තියක් වුවමනාවක් නොමැතිවය. බොහෝ පවුල් තව දුරටත් එක්ව ආහාර ගැනීම පවා නොකරති. බාධා ඒමටය. රූපවාහිනියට වහල්වීමද ඒ අතරය.

අන්ත දුගීන් සනසන වැඩ පිළිවෙල්ක යනු පවතින ක්‍රමයේ වෙනසකි. දේව රාජ්‍යයේ ලක්ෂණ සහිත සමාජ ක්‍රමයක ගොඩනගා ගැනීමකි. ඒ සඳහා පමාවන හැම නිමේෂයකම සිදුවන්නේ අන්ත දුගී පවුල් දවසින් දවස විනාශයට ඇදී යාමය. මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූවන් වර්ධනය, ලිංගික සේවා සපයන්නියන් වර්ධනය, අපරාධ කල්ලි වර්ධනය, සොරුන් මං පහරන්නන් වර්ධනය එහි ප්‍රතිඵල වේ.

මේවා එසේ වීමට දේව රාජ්‍ය ගොඩනැගීමට, විශ්ව පවුල ගොඩනැගීමට කැපවූවෝ අඳුරේ අතපත ගෑම ප්‍රධාන හේතුවක් වී තිබේ. ජේසුස් වනු වෙනුවට කිතුනු සභාවන්හි බොහෝ මූලිකයෝ සිදු කරන්නේ පව්කාරයාට ගල් ගසන්නන්ගේ භූමිකාවට පණ දීම බව ප්‍රැන්සිස් සුදතුම් පියතුමා ද අවධාරණය කරති.

Jesustoday.lk 5 වන වසර 15 වන සතිය 2021 ජුනි 13 වන ඉරිදා