එසේ නොවී හමුදාමය කටයුතු පුළුල් කිරීම යනු රට තුළ මිලිටරිකරණය ව්‍යාප්ත කිරීමකි. ජනතාවට අවශ්‍ය වන්නේ නිදහස මිස මිලිටරි වටලෑමක් තුළ ජීවත් වීම නොවේ.

දකුණේ වීදි පුරා දිග හැරෙන අරගල අතර වැඩි අවධානයක් යොමු නොවුවද උතුරු, නැගෙනහිර ජනයා ද කෝවිඩ් තත්වය මැද වූවත් තම අයිතීන් උදෙසා අරගල කරමින් සිටි.

යුධ සමය තුළ හමුදාව පවරාගත් තමන්ගේ ඉඩම් ඉල්ලා කෙරෙන අරගලය උතුරේ ප්‍රධාන අරගලයකි.

යුධ සමයේ ජනතාව ජීවිතය බේරා ගැනීම සඳහා විටින් විට තම ප්‍රදේශ අත හැර පළා යාම සුලබ කරුණක් විය. ඇතැමුන් වසර හත, අට, දහය, පහලොව විවිධ තැන්වල සරණාගත ජීවිත ගත කළෝය.

අවි ගැටෙන යුද්ධයේ නිමාව සමඟ තමන්ගේ ඉඩම් ඉල්ලා කරන අරගල උතුරු නැගෙනහිර බහුලව සිදුවිය. තවමත් සිදුවේ. විශේෂයෙන් හමුදා කඳවුරු සඳහා අල්ලාගත් ඉඩම් නැවත ලබා ගැනීමට වසර ගණන් දිග් ගැසුනු අරගල උතුරේ තිබේ.

ගෙවුනු සතියේ මූලතිව් වට්ටුකාල් නාවික හමුදා කඳවුර ඉදිරිපිට ජනතාව විරෝධතාවයේ නිරත වූයේ තම ඉඩම් අත්පත් කර ගැනීමට විරෝධය පාමිනි. කෝවිඩ් අවධානම් තත්ත්වය මත වූවද ජනතාව පාරට බසින්නේ ඉඩම යනු තම ජීවිතය වන නිසාය.

යුද්ධයේ නිමාවට පසු යම් ඉඩම් ප්‍රමාණයක් නැවත පවරා දුන්නද තවත් ඉඩම් පවරා දී නැත. ඒ අතර ඇතැම් තැන්හී තවත් ඉඩම් පවරා ගැනීමේ උත්සහයක්ද පවතී. යුද්ධයකින් පසු සාමාන්‍යයෙන් සිදු විය යුත්තේ හමුදාව බැරැක්කවලට සීමා වීම හා සිවිල් ජනයාගේ ඉඩම් ආපසු ලබා දීමයි.

එසේ නොවී හමුදාමය කටයුතු පුළුල් කිරීම යනු රට තුළ මිලිටරිකරණය ව්‍යාප්ත කිරීමකි. ජනතාවට අවශ්‍ය වන්නේ නිදහස මිස මිලිටරි වටලෑමක් තුළ ජීවත් වීම නොවේ.

මිලිටරිකරණයට විරුද්ධ සියලු සටන් තුළ උතුරු නැගෙනහිර ජනතාව අත් දකින මිලිටරි වටලෑම ගැන ද, හඩ නැගීම අත්‍යාවශයය. 

Jesustoday.lk 5 වන වසර 22 වන සතිය 2021 අගොස්තු 01 වන ඉරිදා

Comments powered by CComment