Print

Jesustoday.lk හී අප මීට පෙරද පෙන්වා දුන්නේ මෙය ශිෂ්ටකම්පන්න රාජ්‍යයක නොව පොලිස් රාජ්‍යයක ලක්ෂණයක් බවයි. ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යයක ලක්ෂණයක් නොව මිලිටරිරාජ්‍යයක ලක්ෂණයක් බවයි.

මඩකලපුවේ එරාවූර් හී පොලිසිය විසින් අත් අඩංගුවට ගත් 21 හැවිරිදි චන්ද්‍රන් විදුෂන් නැමැති තරුණයා පොලිස් අත්අඩංගුවවේ සිටියදී මිය ගොස් ඇත.

අත්අඩංගුවට පත්වන විට කිසිදු විශේෂ රෝගී තත්ත්වයකින් පසුනොවනු මෙම තරුණයාව අත්අඩංගුවට ගත් අවස්ථාවේදීත් පොලිසිය පහර දුන් බව ප්‍රදේශවාසින් පවසා ඇත. අත්අඩංගුවට ගත් දිනට පසු දින ඔහු මිය ගිය බව පොලිසිය නිවැසියන්ට දන්වා ඇත. මේ පිළිබඳ මරණ පරීක්ෂණයක් පැවැත්වීමට අධිකරණය නියෝග කර ඇති අතර එහි වාර්තාව මේ සටහන ලියන විට නිකුත්ව නොතිබුණි.

ඉතා ආසන්න වසරකට මදක් වැඩි කාලය තුළ පොලිස් අත්අංඩගුවේදි මිය ගිය 11 වෙනිසා ලෙස විදුෂන්ගේ තම ලැයිස්තුගත වේ.

Jesustoday.lk හී අප මීට පෙරද පෙන්වා දුන්නේ මෙය ශිෂ්ටකම්පන්න රාජ්‍යයක නොව පොලිස් රාජ්‍යයක ලක්ෂණයක් බවයි. ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යයක ලක්ෂණයක් නොව මිලිටරිරාජ්‍යයක ලක්ෂණයක් බවයි.

ඕනෑම පුද්ගලයෙකුට දඩුවම් පමුණවීය හැක්කේ පොලිසියට නොව අධිකරණයටයි. ඒ ද ලොව පිළිගත් යුක්ති ධර්මයේ මූලධර්ම මත මිස තම ජාතික රාජ්‍යයේ මතවාදයන් තුළ පිහිටා නොවේ. එනම් පිටරට එහෙම වුනාට ලංකාවේ එහෙම බෑ වැනි වර්ගවාදී රාජ්‍ය මතවාද තුළ පිහිටා නොවේ.

විදුෂන්ගේ මරණය ගැන ස්වාධීන පරීක්ෂනයක් සිදු විය යුතුවාක් මෙන්ම රාජ්‍යය, මිලිටරි රාජ්‍යයක් පොලිස් රාජ්‍යයක් වීම වහාම වෙනස් කිරීමට ජනතාව පෙළ ගැසිය යුතු බව අපි අවධාරණය කරමු.

Jesustoday.lk 5 වන වසර 14 වන සතිය 2021 ජුනි 06 වන ඉරිදා